Wednesday 4 May 2016

POLITICAL RIFLECTIONS . by Ajith Rohan JTF from Rome


දේශපාලන ආවර්ජන

නිම්ත්ත


මිනිසාට, දේශපාලනයෙන් තොරව, සාමාන්‍යයෙන් ගැටුම් පාලනය කළ, සාධාරණය සහ යුක්තිය මුළයන් සේ සලකා නිර්මාණය කර සම්මුති ගත කළ සමාජ ආර්ථික සංස්කෘතික ව්‍යුහයක් පවත්වාගෙන යාම තබා එහි බිහිවීම ගැනවත් කතා කළ නොහැක. දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම හෝ, ඉන් විඩාවට පත් වී ඒ අත්හැරීම හෝ ඉන් වෙන්ව කටයුතු කරන්නේ යය් කිම හෝ ව්‍යුහගත සමාජයක සාමාජිකයන් තුළ ඇතිවිය හැකි ප්‍රතිචාර වේ. නමුත් මේ තත්වයෝ පාලනය කළයුතු දේ වේ. එසේ නොමැති වුවහොත් දේශපාලනයේ තැන ගැනීමට වෙනත් බලවේග නිර්මාණය වීම වැළක්විය නොහැක. එම විනාශකාරී බලවේග යටපත් කිරීමේ අවශ්‍යතාවය, දේශපාලනයේ සැබෑ ස්වරුපය සහ සාමානය ගැටුම් පාලනය කළ සදාචාරාත්මක සමාජයක් පවත්වාගෙන යන්නට එහි ඇති වැදගත්කම ජනතාව වටහා ගතයුතුව ඇත. අද ලෝකයේ බොහෝ රටවල මෙන් ශ්‍රී ලංකාවේද යම් යම් චෞර බලවේගයෝ දේශපාලනය සහ එහි ගෞරවය කෙළෙසමින් තම සොරකම් මැරකම් සහ ජනතා ද්‍රෝහී කටයුතු කරමින් සිටිති. මේ අනුව මේ ආවර්ජන, කෙටි සටහන් ඔස්සේ මෙහි ගෙනහැර දක්වමු. මේ සටහන් අපගේ ගුගල් වෙබ් බ්ලොග් එකේද පල කරන බැවින් ගූග්ල් සෙවීම් ඔස්සේ ද ඕනෑම කෙනෙකුට කියවිය හැක.

01. ජාතික රාජ්‍යය තව දුරටත් පවත්වාගෙන යා යුතුද/හැකිද?




1.1. මිනිසා කොතැනක, කුමන කාලයක ඉපදුනත් සංස්කෘතික, දේශපාලන සහ සදාචාර තත්වයන්ගෙන් තොරව උපදී. ඔහු/ඇය ඉගෙනීමෙන් සහ පුරුදු පුහුණු වීමෙන් තමා ඉපදුනු සමාජයේ සදාචාර සහ ශිෂ්ටසම්පන්න පුද්ගලයෙක්, සාමාජිකයෙක් වේ. එනම්, මිනිසා එසේ පුරුදු පුහුණු වීමේ හැකියාව ඇතිව ඉපදෙන සත්වයෙකි. එසේම ඔහු/ඇයය එම පුරුදු සහ ඉගෙනීම් නිර්මාණය කිරිමේ හැකියාවද ඇතිව උපදී. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට පිළිගත් පුරුදු සහ ඉගෙනීම් වශයෙන් සළකා ඒ මත තම අනන්‍යතාවය ගොඩනගා ගැනීම ද කරන්නෙකි. එම අනන්‍යතාවය පොදු, එනම් ජාතික අනන්‍යතාවයේ ප්‍රධාන කොටසක් වශයෙන් සළකමු. එම සන්දර්භයේ උපදින නව මිනිස් සාමාජිකයෝ එම ජාතියේ කොටස් සහ කොටස්කරුවෝ වෙති. ඔවුහු එහි එන පොදු සන්නිවේදන සම්මුති, එනම් භාෂා අනිවාර්යයෙන් උගත යුතුය. නැතහොත් එදිනෙදා පුරුදු පුහුණු කළ කටයුතු ගැටුම් වලින් තොරව හෝ ගැටුම් පාලන නීති සමග අවම ගැටුම් සමග පවත්වාගෙන යාමට නොහැකි වනු ඇත. දෙනලද සන්දර්භයක සම්මුති සම්මත භාෂාව යම් ජාතියක් හඳුන්වන ලක්ෂණයන්ගෙන් එකක් සේ සැළකුවෙමු. ඊට සමගාමිව සන්නිවේදනය කරන දේ සහ පරිසරය සහ ඒ සමග දක්වන සම්බන්ධතාවය අන්තර් මිනිස් සාමාජික සම්බන්ධතා ආදිය පොදුවේ ජාතික සන්දර්භයක දක්නට ලැබෙන මුලික කරුණු වේ. මේ සියල්ලෙන් සාමාජිකයා පොදු සන්දර්භය තුළ සුරක්ෂිත බව හඟින අතර ඒ ගැන විශ්වාසයෙන් ජිවත් වේ.


1.2. අපගේ දැක්මට අනුව, මේ පොදු සංවෘත කුලක තුළ මිනිසා යන්නට දෙන නිර්වචනය ඉතාම වැදගත් හා තීරක කරුණක් වේ. මේ කරුණ මත 21 සියවසේ දේශපාලනය තීරණය වන බව අපේ ස්ථාවරයය්. යම්, මිනිසා පිලිබඳ නිර්වචනයක් සංවෘත නම්, එය එම ජාතික සාමාජිකත්වය ට පමණක් භාවිත කළ හැකි තත්වයකී. උදාහරණයකට හෙබ්‍රෙව් ජාතින් උපදිනවා මිස, හෙබ්‍රෙව් ජාතිකයෙක් වීමට නොහැක. මේ නිසා අන් ජාතීන්ට ඔවුන් හා කටයුතු කිරීම අපහසු වේ.  මුස්ලිම් ජාතිකයින්ද ඔවුන්ගේ සංස්කෘතික සහ ආගමික-දේශපාලනය බලවත් රටවල ඔවුන්ගේ සහෝදර හෙබ්‍රෙව් වරුන් මෙන් සංවෘත ව කටයුතු කරති. අනෙක් තැන්හිදී පුරුෂයාගේ බලයට ස්ත්‍රිය යටත් කර ගනිති. උදාහරණයකට ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ඉස්ලාම් වෙළෙන්දෝ සිංහල කතුන් විවාහ කරගෙන ඔවුන්ව ඉස්ලාම් බවට පත් කරගැනීම දැක්විය හැක. සමහර මිනිස් කුලකයෝ 21 සියවසේදී ද ආගම, ජාතිය සහ භාෂාව පදනම් කරගෙන ආවාහ විවාහයෝ සිදු කරති. මෙය විවෘත මිනිස් කුලකයකට ප්‍රවේශ වීමට බාධාවක්ද? 

WATER - Man, The Narrator

WATER - Man, The Narrator
"No man threfore No world".