Thursday 31 December 2015

SRI LANKA ECONOMY, POWER OF TRILOGY AND NEW LEADRSHIP - Ajith Rohan JTF



ශ්‍රී ලංකා ආර්ථිකය, ගොවි, කම්කරු, ධීවර බලය සහ නව නායකත්වය   

 01. 
1.1. පසුගිය රජය, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලිබරල්වාදී පැත්තට යොමු කළේ, ඔවුන්ට ඒ ගැන අවබෝධයක් තිබු නිසා හෝ ඔවුන්ට ශ්‍රී ලංකාව හා එහි ආර්ථිකය ගැන දැනුමක් හෝ වැඩපිළිවෙලක් හෝ තිබුණ නිසා නොවේ. මහින්ද රාජපක්ෂ ඇතුළු රජයට ජීවයක් තිබුනේ, දසක කීපයක් ඇදී ගිය යුද්ධය ගැන තිබු ස්ථාවරය මතය. ඔවුන්ට ජනතාවගේ පොදු විඥානයට අනුව ක්‍රියා කරන්නට හැකියාව ලැබුනේ එම පොදු සතුරාට එරෙහි යුද්ධය, ජනතාව විසින් අනුමත කළ හා ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්නට සුදානම් ව සිටි නිසාය. එම යුද්ධය සමස්ත ජනතාවගේ ජයග්‍රහණයකි. එනම්, මහින්ද රාජපක්ෂ හෝ රජය හෝ කැප කිරීම් කරමින් බඳපටි තද කරගත්තේ නැතත්, ජනතාව තම දු දරුවන්ද රට වෙනුවෙන් පුජා කර රටේ සම්පත් යොදන්නට අනුමැතිය දුන්නෝය. මේ අනුව, රජය හා ජනතාව යුද්ධයෙ එක කොටසක් නිම කලෝය. මෙහි දී භෞතික වශයෙන් යුද්ධය දිනුවට, රාජපක්ෂ රජයට ඊළාම් මතවාදය හා මානසික තත්වය දිනන්න සැලැස්මක් නොවුණු බව අද අපි හොඳින්ම දකිමු. තවමත් ඊළම් සිහිනය, රට බෙදීමේ සිහිනය, මතවාදය අප අතරම හුස්ම ගනිමින් සිටිති. සිංහලයෝ සිහින ලෝකවල ජීවත්වෙති. රට පුරාම සතුරෝ පිරි ඇත. අතපය වකුටු කරන් නිදන්නට හුරු වූ සිංහලයෝ, එලෝ විකාරෙන් මෙලෝ අතගාමින් සිටි යය් කීම අතිශයෝක්තියක් නොවේ.
  
1.2. අනෙක් පැත්තෙන්, යුද්ධයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා ට හෝ රජයට හෝ රට ගැන අදහසක් නොවිය. රට ගැන අදහසක් ඔවුන්ට අදටත් නැත. ඔවුන් කළේ බටහිර කොපි කිරීමට අමතරව, බටහිරින් හා අනෙක් හිතවත් රටවලින් දෙන ආධාර හා පහසුකම් වෙත අවධානය යොමු කිරීමය්. මේ නිසා ඔවුන් දැන හෝ නොදැන ලිබරල් ආර්ථිකයක් වෙත රට තල්ලු කරමින් ගියෝය. වත්මන් රජය එම මාර්ගයම සුක්ෂමව වේගවත් කරමින් සිටි. ශ්‍රී ලාංකිකයෝ ඉඟුරු දී මිරිස් ගත් බව වටහා 
ගන්නේ නම් වටී.      


1.3. වත්මන් රජය, පැහැදිලිවම බටහිරවාදී රජයකි. ඔවුන්ට ශ්‍රී ලංකාව පිලිබඳ අදහසක් හෝ නැති අතර, රට ගැන දැන ගැනීමට සුදානමක් ද නැත. මෙතැනදී අන්ධ අනුකරණයෙන් කොපි කරන බටහිර ක්‍රම වේදයන් ගැනද වටහා ගැනීමක් ලබාගැනීම වටී. අද, බටහිර (බටහිර කියා ලියන කියනවිට යුරෝපය හා උතුරු ඇමෙරිකාව එක්කර වටහා ගත්තත් අප එය බටහිර හා අවැසි විට උතුරු ඇමෙරිකාව  වශයෙන් ද දක්වමු), විශේෂයෙන් යුරෝපය, ආර්ථික අස්ථාවරයක ගිලී සිටින බව කවුරුත් දනිති. වසර 20 පුරාවට යුරෝපයේ ජීවත්වෙමින් ලැබූ අත්දැකීම් ඔස්සේ, අපට කිව හැක්කේ ඔවුන්ගේ අසාර්ථක හා ජනතාව දුප්පත් හා කාලකන්ණි බවට ඇද දමන උපායන් වූ මුල්‍ය, එනම්, කොටස් වෙළඳ පොළ, බැංකු, රක්ෂණ හා දේපොළ (නිවාස, ඉඩම් ආදී) යන මාර්ග මේ වනවිටත් අසාර්ථක වී ඇති බවය්. උදාහරණයකට, මේ සටහන ලියන 31.12.2015 දිනය වන විට, ඉතාලියේ බැංකු 4 ක් (Banca Marche, Banca Etruria, Banca Cariferrara e Banca CariChieti) අසාර්ථක විමෙන්, ඒවායේ මුදල් තැන්පත් කළ සියලු දෙනා සියල්ල අහිමි වූ අසරණ තත්වයට පැමිණ සිටිති. ඉතාලි රජයට බැංකු 4 බේරා ගන්නට පොම්ප කරන්න මුදල් නැත. නමුත් පොරොන්දු දෙමින්, ජනතා විරෝධ අඩපන කරන උපාය මාර්ගය යොදා ගනිමින් සිටි. ඉතාලිය, ජනතාවගේ විශ්‍රාම වැටුප් ඇතුළු සියලු ජනතා ඉතිරි කිරීම් පරදුවට තබා කටයුතු කරන, දිනෙන් දින විසඳුම් නැති ප්‍රශ්න ඇතිකරන රටකි. මාෆියා ඇතුළු, හතු මෙන් පිපෙන, සංවිධානය වී රාජ්‍ය හා පෞද්ගලික අංශ වල අපරාධ හා වංචා කරන කණ්ඩායම් බිහි වන රටක් වී ඇත (උදාහරණයකට, රෝමයේ නගරසභාව සම්පුර්ණයෙන්ම මෙම අපරාධ කරන කණ්ඩයම් අතින් මෙහෙය වූ බවට හෙළි වී ඇත. මේ වන විට මේ ගැන පර්යේෂණ සිදුවෙමින් පවතී). අනෙක් පැත්තෙන්, මිට මසක පමණ කාලයක සිට ජනතාවට නිවාස ඇතුළු දේපොළ මිලදී ගැනීමට පහසුකම් සලසා දෙමින් ඒ ඔස්සේ විදේශ ආයෝජකයන් ගේ අවධානය ලබා ගන්නට උත්සහ කරන උපාය මාර්ගය වෙතද ගොස් ඇත. මේ මගින් තාවකාලික විසඳුම් ලැබෙන සෙයක් පෙනුනත් ජනතාවගේ මුදල් පරදුවට තැබීමක් මින් සිදුවන බව ඔවුන් නොදනී. දිනින් දින ජිවන වියදම ඉහල යමින් තිබේ. රැකියා විරහිත බව උද්දමනය ඉහල අගයන්ගේ පවතී. මේ අනුව ජනතාවගේ “ප්‍රයෝගික” ආර්ථිකය “කල්පිත” ආර්ථිකයකට බිලි දීම සිදුව ඇති බව අප ජිවත් වෙමින් හොඳින්ම වටහා ගත්තෙමු.        

1.4. මේ අනුව, ශ්‍රී ලංකාව මෙවන් බටහිර ආර්ථික ක්‍රම කොපි කිරීමෙන් ජනතාව විනාශයෙන් විනාශයටත්, දුප්පත් කමින් අන්ත අසරණ දුප්පත් කමටත් ඇද දමනු ඇත. නමුත්, අප සැම දන්නා පරිදි, අද මහත්මා දේශපාලනයක් නැති අතර, එය නැවත අනිවාර්යයෙන්ම ඇති කළ යුතු එකක් වී ඇත. එනම්, අද ජනතාව දුප්පත් අසරණ වුවත්, දේශපාලනය බිස්නස් එකක් කරගෙන පාර්ලිමේන්තුවට ගොස් ඇති මත්ද්‍රව්‍ය ගෙන්වන්නෝ හා බෙදාහරින්නෝ, අපරාධකාරයන් රකින්නෝ, අපරාධකාරයෝ, රටේ පරිසරය හා වනන්තර විනාශකරන්නෝ, ජනතා දේපොළ කොල්ලකන්නෝ, උම්මදයෙන් පෙලෙන්නෝ ආදී මෙකි නොකී ජනතා අධිකරණයකට ගෙනගොස් දඬුවම් කළ යුත්තෝ දිනති.


1.5. මේ අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීම, ශ්‍රී ලංකවේ සම්පත්, ශ්‍රමය හා උපාය මාර්ග වටහා ගැනීමෙන් ආරම්භ කළ යුතු බව අපගේ ව්ශ්වාසයය්. මෙහිදී විශේෂයෙන් ගොවි, කම්කරු හා ධිවර බලය එක්තැන් කිරීම වෙත අවධානය යොමු කළ යුතුය්. අනික් පැත්තෙන් ජනතාව අමතක නොකළයුතු තවත් කරුණක් නම්, බටහිර ගැති කොපි ආර්ථිකයන් බලෙන් පටවන්න දත කන “කළු හමෙන්” යුත් “මොළ සුද්දෝ” ජනතා අරගල වලට බිය බව. අනෙක් පැත්තෙන්, ශ්‍රී ලාංකිකයාගේ ලේ වල, සටන් පාවා දීමේ ජාන, සහජයෙන්ම ඇතිව ඉපදෙන නිසා, දේශපාලන බිස්නස් කාරයන්ට, එවන් සටන් පාවාදෙන්නන් ඔස්සේ ජනතා සටන් මැඩ පවත්වන්න මෙතෙක් හැකි වී ඇති බවද සිහියේ තබා ගත යුතු වේ.මේ නිසා අද අපට ශ්‍රී ලංකාවට ආදරය කරන, එහි භෞමික අඛණ්ඩතාවය, සහ සියලු ජාතින් සහ ආගම එක් කරන බෞද්ධ සංස්කෘතිය පිළිගන්න හා එයට ආදරය කරන මානසික තත්වයක් පිළිගන්න, ස්වෙච්ඡවෙන් කටයුතු කරන නායකය්න් අවැසි වී ඇත.  

මෙම ලිපියත් සමග, අපි ශ්‍රී ලංකාවට ගැලපෙන ආර්ථික මාර්ගයක් ගැන සාකච්ජා කරන්නට අදහස් කරමු. මෙය ලෝකයේ විවිධ රටවල සමාජ, දේශපාලන, ආර්ථික, හා සංස්කෘතික අංග ඔස්සේ කරන පර්යේෂණ ඔස්සේ කරන්නට බලාපොරොත්තු වෙමු.      


අප මෙහි දැක්වූ පරිදි පුළුල් අධ්‍යයනයක් කළත් එම ලිපි පෙළ මෙහි පල නොකරමු. යමෙක් මේ ගැන දැනගන්නට සිතය් නම් අපගේ විද්‍යුත් ලිපිනයට ලියා තොරතුරු ලබා ගත හැක. මෙම blog එකේ පල කළ බොහෝ ලිපි, බුද්ධිමය සදාචාරයයකින් තොරව සොරා ගන්න බව අපි දනිමු. සමහර වෙබ් සය්ට් අපගේ ලිපි විකුණා මුදල් ද උපයන බව දැන ගතිමු. මේ නිසා ඉල්ලීමක් කලොත් පමණක් තොරතුරු දීමට සිතුවෙමු. නමුත්, අපේ බොහෝ ඍජු අදහස් එලෙසම පල කරමු. 08.06.2016 Rome

 

Tuesday 29 December 2015

Buddhist culture only unites us as brothers and sisters. It is our common treasure of values.




Sri Lankans (Sinhala, Tamil, Muslim and others) shouldn’t be afraid or hesitate to think and to act according to their identity but on the base of Buddhist culture, because, the Buddhist culture only unites us as brothers and sisters. It is our common treasure of values to live peacefully in Sri Lanka.  

   

As we know clearly, after handing over the keys of the abandoned house called Sri Lanka to “white headed brown colour skin puppets” the British started to govern with remote controls. Those white headeds were (are) strange people (that time and also now) who, during foreign dominations, became their devotees, adopting even their religion, language and culture started to keep Sri Lanka for their name deceiving people of Sri Lanka. They converted to Buddhism just to trick people of Sri Lanka. Just think and observe present prime minister (Anglican) and former president Chandrika K.B. (Anglican),  they both have foreign frustrated minds. They hate Sri Lanka and Buddhist culture. Some says that Rajapaksa’s are Malay (?). These we write here, just to understand dishonest ways of playing political games in Sri Lanka (We never follow any division among people of Sri Lanka. We all are brothers and sisters, until we share the Buddhist culture as the basic platform to live respecting each other. That is our position).   


Well, in such a bad situation like this, I don’t wonder if the people of Sri Lanka have a strong cynicism towards politics, politicians and towards revolutionaries. But… the people of Sri Lanka are not so smart to lean the real nature of those crocodiles. They (people of Sri Lanka) believe in family names, powerful social figures, actors, actress, players and thugs, and they elect them as their leaders.  But, they pretend to be keen on selecting, while selling කැහි ගෑණි to buy හොටු ගෑණි.  Well, it seems, that cynic and doubtful mentalities are common to Sri Lanka. I mean, they are not used as orientations to select and to elect the best. 


Now in our opinion, it is not the time to play political games, but each and everybody has the responsibility to illuminate the people of Sri Lanka, highlighting true facts regarding conspiracies against the integrity of the country, of the people and of the sovereign state. The apologies no longer needed. Instead anyone who decides to work for the country, he/she must shows with deeds, behavior and with words his/her sincerity. As we know, the Left, the Right or other old little parties do not cross the real needs of the citizens of Sri Lanka. they work for Western and American strategies. They are puppets and traitors of Sri Lanka. Now, people need to be enlightened and prepare them to be strong to protect themselves and their country.

Monday 28 December 2015

Debate among minister Rishad Bathiudeen AND Pahiyangala Ananda Sagala Thero 28.12.2015



අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රී ලංකාවේ ජනතා ද්‍රෝහී හා අත්තනෝමතික දේශපාලනයේ පිළිබිඹුව වේ.


අපි මිට මොහොතකට පෙර පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගල හිමියන් හා වත්මන් ශ්‍රී ලංකා රජයේ, කර්මාන්ත හා වාණිජ කටුතු පිළිබද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අතර වූ විවාදය අන්තර්ජාලය හරහා නැරඹුවෙමු. ඉන් අපට වැටහුණු ප්‍රධාන කරුණ නම්, ශ්‍රී ලංකාවේ ඇත්තේ ජනතාවට වග කියන රජයක් නොව, මැති ඇමති වරුන්ට අත්තනෝමතික ව කටයුතු කළ හැකි, ජන බලය දුෂිත අයුරින් පාවිච්චි කළ හැකි අරාජික තත්වයක් බවය්. විශේෂයෙන්, අපට පෙනෙන්නේ සිංහල නායකයින් “කුඩු කෑ” උන් සේ හෝ “ගලේ පහරා හසු වූ බළලුන්” සේ ක්‍රියා කරන්නේ, බටහිර/උතුරු ඇමෙරිකානු බලය, NGO, INGO, මානව අයතිවාසිකම් නාඩගම හා ද්‍රවිඩ ඩයස්පෝරාවේ බලය යොදා කරන ලද මානසික බියගැන්වීමේ ක්‍රියාවලිය සාර්ථක වූ නිසා බවය්. ඔවුන්ගේ මොළ හෝදා, කටවල් වසා ඇත, අත පය බැඳ ඇත. ඔවුන් නිකම්ම නිකම් රූකඩ හා නිකමෝ පමණකි. ඔවුන් වෙනුවෙන් තීරණ ගන්නෝ බටහිර හා උතුරු අමෙරිකානු බලවතුන් හා මානව අයතිවාසිකම් නාඩගමේ කට්ටිය හරහා ඩයස්පෝරාවේ කොටි වෙති. මේ තත්වය, “කල දුටු කල වල ඉහගන්න” මුස්ලිම් ජනතාවට මගුල් කෑ හැකි අවස්ථාව වී ඇත. “ඌරො කැකුණ තලන කොට, හබන් කුකුළන්ට ජය මගුල් වේ”. 

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පෙන්වූ පරිදි ලංකාවේ “හිංගල බල්ලෝ” වන විනාශයේ යෙදෙති. එය පැහැදිළි සත්‍යකි. “ගුරා ඇවිදිමින් හුජ්ජ කරන විට, ගෝලයෝ දුවමින් හුජ්ජ කිරීම” කාටද නවත්වන්න හැකි. සාගල හිමියන් මෙම විවාදයට කරුණු දැක්වීමට උත්සහ කළා මිස උන්වහන්සේගෙන් වැඩි යමක් අපට අසන්නට හෝ දකින්නට නොතිබිණි. නමුත්, මින් මා අදහස් කරන්නේ සාගල හිමියන් සතු නිවැරදි හා සත්‍ය කරුණු තිබුණු නමුත්, විවාදය ගමන් කළ ආකාරයට එතුමා දහසක් කරුණු අතර අතරමන්ව සිටි බවය්. යම් හෙයකින් උන්වහන්සේ සංක්ෂිප්ත ව හා තාර්කිකව කරුණු පෙන්වා දුන්නේ නම් අමාත්‍ය තුමා එතුමාගේ political black rhetoric හරහා ජනතාව නොමඟ යැවීමේ ප්‍රයත්නය වලක්වන්න තිබිණි. එනම්, අප මොහොතකට පෙර අමාත්‍ය තුමාගේ FB එකටද ගොස් බලු විට දක්නට ලැබුනේ ජය පැන් බොන වාතාවරණයකි. ගරු ස්වාමින් වහන්සේ කළ යුත්තේ ගරු ඇමතිතුමාට විරුද්ධව නඩු පැවරීමය්. මෙහිදී ලංකාවේ නීතියද බල්ලාට, බටහිරට, උතුරු ඇමෙරිකාවට, NGO, INGO, මානව හිමිකම් නාඩගමට, ද්‍රවිඩ ඩයස්පෝරාවට ගිහින් නැත්තනම්, ශ්‍රී ලංකාවේ පරිසරයට හා ලංකවේ වෙසෙන ජනතාවට සාධාරණයක් වෙතැය් සිතමු.                      

Sunday 27 December 2015

Review on the book of Magdi Allam, Islam, siamo nella guerra 2015, Rome.



පොත් විත්ති

 

“අපි යුද්ධ ප්‍රකශ කළ වාතාවරණයක සිටිමු. ඉස්ලාම්, මධ්යස්ථ ආගමක් නොවේ”

ඉස්ලාම් වලට බියවීම ෆොබියා එකක් නොවේ, එය යතාර්ථයකි. Magdi Allam


මෙසේ කියන්නේ අවුරුදු 56 දී කිතු දහම වැළඳගත් (22.03.2008), ඉතාලියේ වෙසෙන, ඉතාලි ජාතික කාන්තාවක් විවාහ කරගත්, දාවිදේ, සොෆියා සහ අලෙස්සන්ද්‍රෝ යන දරු තිදෙනාගේ පියා  වූ මග්දී අල්ලාම් (Magdi Allam) වේ. මග්දී අල්ලාම් ඊජිප්තුවෙ අගනුවර වූ කය්රෝ නුවර 22.04.1952 මුස්ලිම් පවුලක උපත ලද්දෙකි. ඉතාලියෙන් ලැබෙන ශිෂ්‍යත්වයකින් 1972 රෝමයේ සපියෙන්සා විශ්ව විද්‍යාලයට ඇතුලත් වී සමාජවිද්‍යාව පිලිබඳ උපාධිය ලබා වසර 35 ක් ඉතාලියේ ප්‍රධාන පෙලේ පුවත්පත් කීපයක වැඩ කළ ඔහු වර්තමානයේ  ඉස්ලාම් ආගම පිලිබඳ පොත් ලියමින් ඉස්ලාම් ආගම පිලිබඳ ව දැනුවත් කිරීමේ දුත මෙහෙවර කරන ප්‍රවීණ ජනමධ්‍යවේදියෙකි.

මග්දී අල්ලාම් ගේ ස්ථාවරයට අනුව ඉස්ලාම් යනු මධ්‍යස්ථ ආගමක් නොවන අතර, කොරානයේ, අන්‍ය ආගමිකයන් මරා දමන ලෙස ඍජු ලෙසම ලියා ඇති බව පේනවා දෙය්. එවන් ආගමක් ප්‍රජාතන්ත්‍රවාදී, අන්‍යොන්‍ය නිදහස ගරු කරන, ජිවිතයට ගරු කරන ලෝකයකට නොගැලපෙන බව පෙන්වා දෙය්. ඔහු ආගමික විශ්වාසය සහ තාර්කික බුද්ධිය අතරේ තිබිය යුතු ඍජු සම්බන්ධය පිලිගන්නෙකි.
           
මග්දී අල්ලාම් ගේ අලුත්ම පොත ISLAM, siamo in guerra (2015) (ඉස්ලාම්, අපි යුද්ධය තුළ වෙමු) වේ. ඊට අනුව, ඉස්ලාම් ආගම බලයේ ඇති කිසිම රටක, වෙනස් අදහස් දැරීමට හෝ වෙනත් ආගම්ඇදහීමට හෝ හැකියාවක් නැති බවත්, ඉස්ලාම්, යනු “ජිහාඩ්”, එනම්, “අන්‍යාගමිකයන්ට එරහි ව කරන ශුද්ධවූ යුද්ධය” බවත් පෙන්වා දෙය්. මේ අනුව ඉස්ලාම් බලය ඇති තැන, වෙනත් ආගමිකයන්ට හා වෙනස් මත දරන්නනන්ට, හිංසාව, ගෙල සිඳ මරා දැමීම, ගල් ගසා මරා දැමීම, දිව කපා දැමීම ආදී අනේක විද දඬුවම් විඳීමට සිදුවන බව, වත්මන් ඉස්ලාම් ලෝකය තුළින්ම උදාහරණ ගෙන පෙන්වා දේ. ඔවුන් එසේ කරමින් ශිෂ්ටාචාරවත් ලෝකයට කියන්නේ ඒ අයගේ ම්ලේච්ඡ ආදී සංස්කෘතිය සාධාරණ බවය්. නමුත් සත්‍ය නම්, මේ උදාවී ඇත්තේ 3 වන ලෝක යුද්ධයය්. ඒ වගේම වත්මන් ගෝලීය ආර්ථිකය, යුරෝවාදය, මාෆියා බලය සහ සපෙක්ෂ්වාදී වටිනාකම් ඇති පල්ලිය ද මේ යුද්ධයේ පන්ගුකරුවන් වශයෙන් ඔහු දක්වය්. මේ මගින්, ප්‍රායෝගික ආර්ථිකය විනාශ කර සාමාන්‍ය ජනතාව තව දුරටත් දුක්පත් කර ඔවුන් සුරා කෑමට සුදානම් කරය්. එසේම ජනතා බලයෙන් පත්වන රාජ්‍යයන් දුර්වලකර ප්‍රජාතන්ත්‍ර වාදය නැතිකර ලෝක අධිරාජ්‍ය වාදයකට මුල පුරන බව පෙන්වා දෙය්. විශේෂයෙන් ජනතාවන්ගේ අනන්‍යතාව නැති කර, පිට කොන්දක් නැති හුදු ඕපපාතිකයන් බවට මානසිකව ඒත්තු ගන්වන්න සියලු උපක්‍රම යොදාගන්න බව පෙන්වා දෙය්.

මේ තමා මේ ගැන සිහි එලවා කටයුතු කළයුතු වෙලාව. අපි දැන් 3 වන ලෝක යුද්ධයේ සිටිමු. ඔවුන් දිනන්නට සටන් කරන අතරේ අපි ඔවුන්ව සාධාරණිකරණය කිරීම හෝ, ඔවුන් සුරතල් කිරීම හෝ බිඩි බීපු කටුස්සෝ වගේ හේබාගෙන සිටීම හෝ නොවේ කළ යුත්තේ, සටන් කිරීමය්. එසේ නැත්නම්, අපව ඉස්ලාම් ත්‍රස්තවාදය විනාශ කරනු ඇත.


WATER - Man, The Narrator

WATER - Man, The Narrator
"No man threfore No world".