Monday 8 February 2016

CONVERSATIONS with Sinhala Sangedama (ideas on a video): Ajith Rohan JTF, Rome

සංවාද සටහන් උපුටන

මේ සටහන යෙදුවේ “සිංහල සංගේදම” විසින් ෆේස් බුක් ඔස්සේ ප්‍රචාරය කළ විඩියෝ පටයක් සම්බන්ධවය්.

ආචාර්ය චමිල ලියනගේ මහතා කී පරිදි, මාසයකට ආසන්න කාලයක් පුරාවට සූදානම්ව කළ කතාවේ අන්තර්ගතය පිලිබඳ යමක් ලියන්න සිතුනේ, එතුමා, දැනට ශ්‍රී ලංකාවේ පැහැදිළිව ම මතුවී ඇති අසහනකාරී තත්වය ට හේතු සහ ඒ වෙනුවෙන්, කිසිදු දේශපාලන හෝ වෙනත් වාසි ලැබීමේ පටු චේතනාවෙන් තොරව (එසේ යය් විශ්වාස කරමු), ජනතාව දැනුවත් කිරීම ඇතුළු විවිධ විසඳුම් සෙවීමට ඉදිරිපත් වී ඇති කණ්ඩායමක් නියෝජනය කරන බැවිණි. ආචාර්ය තුමා පොදුවේ ගත් විට කවුරුත් දන්නා ජනප්‍රිය අදහස් පෙළගස්වා යමක් කියන්නට උත්සහ කළ බව පිළිගත යුතුය. මෙහිදී ආචාර්ය තුමා පර්යේෂණයන්නට දෙන ලද නිර්වචනය පිලිබඳ අප පුදුම වෙමු. එය ඇසිමෙන්, එම කතාව මාසයක් පුරාවට සුදානම් වී කළ කතාවක ට වඩා, ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තියේ ෆේස් බුක් විඥානය නියෝජනය කළ කතාවක් බව පැහැදිළි විය. මේ අනුව, ආචාර්ය චමිල ලියනගේ මහතා ට පර්යේෂණ කිරිම යනු ෆේස් බුක් එකේ පෝස්ට් තේරුම් ගැනීම වේ (සන්දර්භයට අනුව?). එසේම ආචාර්ය තුමා ම කියන අයුරින් එතුමා කතා කළේ ප්‍රබුද්ධ පුද්ගලයන්ට මිස ගමක දායක සභාවකට නොවේ (සභාවේ සිටි ප්‍රබුද්ධ පුද්ගලයන් මේ ගැන කරදර විය යුතු නොවේ). එම නිසා යටි ගිරියෙන් කෑ ගැසීමට අවැසි නොවන බවත්, සන්දර්භය තේරුම් ගැනීමට අවැසි තොරතුරු ලබා දීම කළ යුතු බවත් පැවසිනි. එතුමා ඒ අනුව, ශ්‍රී ලංකාවේ, පොදුවේ නගරබද ෆේස් බුක් පාවිච්චි කරන මධ්‍යම පන්තියේ ඉච්ජා භංගත්වය දල වශයෙන් ප්‍රකාශ කරන පෝස්ට් වල එන අදහස්, ප්‍රබුද්ධ යය් එතුමා ම හැඳින්වූ පිරිසකට ඇද බෑවේ යය් කිවොත් අතිශයෝක්තියක් නොවේ. කරුණාකර සටන් කරන්න යන්න පෙර හොඳින් සුදානම් විම අවශ්‍ය බව නිතර මතක් කර ගන්න. ප්‍රබුද්ධ පිරිස් මේ අයුරින් සුදානම් කරන්නේ නම් ගමේ දායක සභාවකෙසේ දැනුවත් කරය් ද? එකකට එකක් පරස්පර විරෝධී අදහස්, සටන් පාඨ, ජනප්‍රිය අදහස් ආදිය ඇද බෑම සටන් කිරීම හෝ සුදානම් විම හෝ නොවේ, එය සටන් දිය කිරීම වේ. කෙසේ නමුත්, ඉදිරියේ දී වත්, පොදුවේ කාටත් පිළිගත හැකි හොඳින් සුදානම් වූ ජනතා දැනුවත් කිරීම් සිදුවේ නම් ඒ අපේ රට ට කරන යහපතක් බව කියමු. ස්තුත්ය්.


සිංහල සංගේදම අජිත් රෝහන ජේ ටී එෆ් මහතාණන්ගේ පිළිතුර අපගේ සැළකිල්ලට භාජනය විය. එය කදිම පිළිතුරකි. පළමුව ස්වකීය අදහස් පළකිරීමට එතුමා (හෝ ඕනෑම) පුද්ගලයකු සතු අයිතිය අපි පිළිගනිමු. ඒ අදහස් දැක්වීම වැදගත්ය. එය අපගේ ඉදරි කටයුතු සංවිධානයේදී බෙහෙවින් වැඩ දායකය. 

සිංහල සංගේදමේ භාවිතාව සම්බන්ධයෙන් එතුමා දක්වා ඇති අදහස්ද, ප්‍රස්තුක දේශනය සම්බන්ධයෙන් එතුමාට උද්ගතවී ඇති අර්බුධයද අවභෝධ කර ගැනීම උගහට නොවේ. මේ දේශනය පැවැත්වූ සන්ධර්භය, එතැන සිටි පිරිස (දායක සභාවක් නෙවේයැයි කීමෙන් විශේත කොට දක්වා එම ග්‍රාහක පිරිසට ලබාදුන් අර්ථකතනය අනුව අදහස් වූයේ එතැන සිටින්නේ ශුද්ධ හෝ සමාජ විද්‍යා හෝ මානව ශාස්ත්‍ර පශ්චාත් උපාධි හදාරනළ පර්ශේෂන ක්‍රමවේදයන්හි කෙළ පැමිණි පිරිසක් බව නොවේ), හෝ අඩුමතරමින් සමස්ථ දේශනයම නො අසා ස්වකීය පර්යේශන පාන්ඩිත්‍යත්, ඒ පාන්ඩිත්‍යය තුළ මේ දේශන මාලාවේ සමාරම්භක අවස්ථාව ඉතා උපක්‍රමශීලි සූක්ෂම ක්‍රමයකින් හෑල්ලුවට ලක්කිරීමටත් අජිත් රෝහන මහතා ගෙන ඇති උත්සාහය ප්‍රශස්ථය. සිංහල සංගේදම හෝ එහි විද්වතුන් වෙනුවෙන් ඉදිරි වැඩඩසටහන් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට එතුමා ඉදිරිපත්වීම අප තුළ මිශ්‍ර හැගීම් ඇති කරන්නටත්, එතුමා නියෝජනය කරන (හෝ අභාසය ලබා ඇති) සමාජමතවාදය පිළිබඳ ඉගියක් ජනනයටත්, එතුමා පසුපස සිටින්නන් පිළිබද අදහසක් ලබා ගැනීමටත් පසුබිම සකසයි. සමාජමිතික පර්යේෂණ සම්බන්ධයෙන් අපි එතුමාට වෛෂයික දේශනයක් පවත්වා, අන්තර් ජාලයේ නිරීක්ෂන පර්යේශනාත්මක නිමිති වන්නේ කෙසේද යන්න වටහා දීමටැ ඉදිරිපත් නොවෙමු. එහෙත් ඉදිරියේදී අප පවත්වන දේශන සඳහා සහභාගි වන්නටද, ඒවාගේ අඩුපාඩු පෙන්වා අප ගමන ශක්තිමත් කරන්නටද ආරාධනා කරමු. තෙරුවන් සරණයි! 

(ප.ළි - අපි සදය විචේනන අගයමු. නිර්දය විවේචන බෙහෙවින් අගයමු. කුහක විවේචනද ඉවසමු)



අපගේ පිළිතුර - 08. 02. 2016 Rome, Italy.


පළමුවෙන් ඔබගේ වගකිවයුතු පිළිතුර සම්බන්ධව සතුටු වෙමු. නැවතත් මේ ගැන සාකච්චා නොකර සිටීමට සිතුවත්, මෙම පිළිතුරේ අප පිලිබඳ සහ අපගේ අදහස් සම්බන්ධයෙන් නිර්මාණය කරගෙන (දිය කොරහේ කිඹුලන් දැකීම, මිතුරෝ, සතුරන් සේ දැකීම: paranoid or/and narcissistic visions) ඇති රුපය ගැන යමක් කීම වටනේයය් සිතුවෙමු. මේ ලියන “අපි”, තමා වටා තමාගේ සෙවනැල්ල පමණක් ඇති, ඒ ඒ රටේ නගරයේ සමාජ-දේශපාලනික-ආර්ථික-සංස්කෘතික සන්දර්භය සහ පොදු මිනිස් වටිනාකම් වලට ට සාපේකෂව අන්‍යොන්‍ය ගෞරවය සහ නිදහස මූළික සමාජ සම්බන්ධතා අගයන් වශයෙන් ඇති, ඕනෑම පුද්ගලයෙකුගෙන් ඉගෙනීමට, වටහා ගැනීමට සුදානම්, නම්‍යශීලි මානසිකත්වයක් උපතින් හිමි කරගත් ජිවිත කාලයම උපයන සෑම මුදලක් ම ඉගෙනීම සහ ශාස්ත්‍රීය පර්යේෂණ  වෙනුවෙන් යෙදු, ස්වාධින එක පුද්ගලයෙක් වේ. “අපි” වශයෙන් ප්‍රථම පුරුෂ බහු වචනය යොදන්නේ “මම” සිටින්නේ, අන් අය සිටින නිසා බැවිනි. ඒ හැර, අප පසු පස හෝ ඉදිරි පස හෝ කුමන හෝ පසෙකින් හෝ කිසිවෙකුත් නැති බව කියමු. අපි, ඔබ සංවිධානය සහ ඔබ වැනිම, අප ඉපදුනු, සැමදා ගෞරවයෙන් ආදරයෙන් සලකන, බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ සිංහලේ සංස්කෘතිය සහ ඉතිහාසය රැක ගන්නට කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ඇසුරු කරමු, ඒ අය කරන කටයුතු සක්‍රියව අගය කරමු. සංවාදය යනු අන්‍යොන්‍ය නිවැරදි කිරීම් (constructive critique) සඳහා සේම, තමා වටා සිටින “අන් අය” පිළිගැනීම සඳහා අප උපයෝගී කරගන්නා මාධ්‍යය වේ. විවේචනයෙන් කෙනෙකුව හෝ සංවිධාන හෝ අගෞරවයෙන් සැලකීම අපගේ අරමුණ නොවේ. නමුත්, කරන්නන් වාලේ කිරීම සහ අබල දුබල වූ සිංහල ජන විඥානය කපටි හෝ තිබෙන එකම ඇසද දුර්වල එකැස් යෝධයන්ගේ ගොදුරක් හෝ/සහ පිනුම් ගසන තෝතැන්නක් හෝ විම ට යන්නේ දැය් විමසිල්ලෙන් බලා සිටිමු.

අන්තර්ජාලය ගැන අප කියූ දේ නැවත කියවා බලන්න යය් ඉල්ලමු (අප විවේචනය කර ඇත්තේ කුමක් දැය් නිහතමානිව බලන්න). එවිට අන්තර්ජාලය එකම පර්යේෂණ විදිය වශයෙන් ඔබ කියා ඇති දේ ගැන වටහා ගත හැකි වේ යය් සිතමු. අන්තර්ජාලය අද බටහිර විශ්ව විද්‍යාල වල පිළිගත් එක් පර්යේෂණ මාධ්‍යයකි. ඒ ගැන අපට වෙනත් දැනුම් අවැසි නැත (ශ්‍රී ලංකාවේ දැනට ඇත්තේ බටහිරින් කොපි කළ අධ්‍යාපන ක්‍රමයක් බැවින්, අපට මේ ගැන බටහිරින් ඍජුවම දැන ගත හැකී වූ බව පවසමි). අප ඔබට, එනම් ඔබගේ අනාගත කටයුතු සම්බන්ධව කිසිදු නිර්දේශයක් කර නැත්තෙමු. විද්වතුන් (?) තව දුරටත් ඔබ මෙන් අන්තජාල පර්යේෂණ, එනම්, ෆේස් බුක් පෝස්ට් තේරුම් ගැනීම ඔස්සේ ම ජනතාව දැනුවත් කරන්නෝ නම් ඒ ඔබගේ නිදහසය්. එසේම ඒ ඔබගේ සහ ඔබ අනුගමනය කරන්නන්ගේ ප්‍රශ්නයකි. නමුත්, පසුගිය සටහනේ අප බලාපොරොත්තුවක්, (නිවැරදි මං ඔස්සේ පර්යේෂණ කර- ෆේස් බුක් පෝස්ට් පමණක් නොවේ නිවැරදි තොරතුරු ලබා දේ යය් ?) ගැන සටහනක් තැබුවේ ප්‍රශ්නාර්ථයක සිටම බව මෙහි සටහන් කරමු.        


            

WATER - Man, The Narrator

WATER - Man, The Narrator
"No man threfore No world".