වහාබ්ස් වාදය, අල් සෞඩ් සහ ඉස්ලාම් රාජ්‍ය සංකල්පය = මුස්ලිම් ජාතිවාදය + ව්‍යාප්තිවාදය
01.
1.1.සුන්නි සහ ශීයා
ඉස්ලාම්
දහම, “සුන්නි” (අහ්ල් අල් සුන්නා: සම්ප්‍රදායේ ජනතාව) සහ “ශියා” (ශියාත්
අලි: අලිගේ පක්ෂය) වශයෙන් බෙදෙන්නේ, මෙම මාර්ගය නැවත පණගැන්වීමට තෝරා ගත්තේ යය්
ඔවුන් ව්ශ්වාසකරන, එසේම, අවසාන දිවැසිවරයා වශයෙන් ද සලකන මොහොමඩ් නබි තුමාගේ
මරණයත් සමගය් (ක්‍රි.ව. 632 වසරේදී). එනම්, මොහොමඩ් නබි තුමාගේ මරණයෙන් අනතුරුව, කවුරුන් විසින් මුස්ලිම් ගෝත්‍ර ජනයාට නායකත්වය
දිය යුතුද යන්න තීරණය කිරීමේ විවාදයක් ඇති විය. මෙහිදී බහුතර ගෝත්‍ර සංඛ්‍යාවක් ඉස්ලාම් දහමේ චිරාගත හා සාම්ප්‍රදායික ශාඛාව වශයෙන්, මොහොමඩ් නබි තුමාගේ
උපදේශක වූ, “අබු බක්ර්” ගේ නායකත්වයෙන් “සුන්නිවරු” ලෙස වෙන්වේ. අනෙක් පිරිස මොහොමඩ්
නබි තුමාගේ ලේ නෑයෙකු වූ “අලි” සමග “ශීයා” වශයෙන් වෙන් වී මොහොමඩ් නබි තුමාගේ
ඉගැන්වීම් වල එන දේශපාලනික, සමාජ සහ සංස්කෘතික මග පෙන්වීම් අනුව ජිවත්වීම තෝරා
ගනී. මෙම බෙදීම විවධ කරුණු උදෙසා සිදුවන්නක් වුවත්, මුලික වශයෙන්, අල්ලාහ් නැමදිම
නිවැරදිව කරන මාර්ගය තීරණ කිරීම වූ බව පැහැදිලිය. මේ අනුව සුන්නිවරු නිවැරදි මග
ගත් බව පවසන අතර, ඔවුහු, සම්ප්‍රදායේ එන අයුරින් කටයුතු කරන නිසා නිවැරදි යය්
සිතමින් ශීයා නිකායේ සාමාජිකයන් පහත් කොට සලකති. එනම්, සුන්නි නිකායට අනුව
ශියාවරුන් අල්ලාහ් ගේ මග යන්නෝ නොවෙති. එනම්, ආදම් සිට නෝවාහ් දක්වාත්, ඉබ්‍රහිම්,
ජේසුස්, ඉසහ්යා සහ අවසන් දිවැසිවරයා වූ මොහොමඩ් නබි තුමා දක්වාත් වන දිවැසි
ඉගැන්වීම් ඔස්සේ යන්නෝ සුන්නි වරු පමණක් වෙතිය් යන අදහසට අනුව පෙර කී පරිදි ඔවුහු,
එනම් ශියාවරුන් අල්ලාහ් ගේ මග යන්නෝ නොවෙති. මේ මුස්ලිම් ලෝකයේ ඓතිහාසික බෙදීම අද
දක්වාම පවතී.
1.1.1 ඉස්ලාම් සහ මුස්ලිම් දෙකක් නොවේ
ඉස්ලාම් යනු, යටහත් පත්ව, ප්‍රශ්න කිරීමකින් තොරව හා කීකරුව අල්ලාහ් ගේ වචනයට සිතින්, වචනයෙන් හා ක්‍රියාවෙන් නතුව ජීවත්වීමේ ක්‍රමයය්. එසේම මුස්ලිම් යන පදයට ද මුල වන්නේ “ස්” හා “ල්” ශබ්ධයෝ බැවින්, ඉස්ලාම් යන පදයට දෙන ලද තේරුම ම යෙදේ. මේ අනුව මුස්ලිම් හා ඉස්ලාම් යනු එකක් වශයෙන් ගතයුතුවේ. මේ අනුව මුස්ලිම් නිතිය යනු දෙවියන්ගේ නිතිය වේ. එයට සම්පුර්ණයෙන් නතු විය යුතුය.
No comments:
Post a Comment