Thursday 31 December 2015

SRI LANKA ECONOMY, POWER OF TRILOGY AND NEW LEADRSHIP - Ajith Rohan JTF



ශ්‍රී ලංකා ආර්ථිකය, ගොවි, කම්කරු, ධීවර බලය සහ නව නායකත්වය   

 01. 
1.1. පසුගිය රජය, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලිබරල්වාදී පැත්තට යොමු කළේ, ඔවුන්ට ඒ ගැන අවබෝධයක් තිබු නිසා හෝ ඔවුන්ට ශ්‍රී ලංකාව හා එහි ආර්ථිකය ගැන දැනුමක් හෝ වැඩපිළිවෙලක් හෝ තිබුණ නිසා නොවේ. මහින්ද රාජපක්ෂ ඇතුළු රජයට ජීවයක් තිබුනේ, දසක කීපයක් ඇදී ගිය යුද්ධය ගැන තිබු ස්ථාවරය මතය. ඔවුන්ට ජනතාවගේ පොදු විඥානයට අනුව ක්‍රියා කරන්නට හැකියාව ලැබුනේ එම පොදු සතුරාට එරෙහි යුද්ධය, ජනතාව විසින් අනුමත කළ හා ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්නට සුදානම් ව සිටි නිසාය. එම යුද්ධය සමස්ත ජනතාවගේ ජයග්‍රහණයකි. එනම්, මහින්ද රාජපක්ෂ හෝ රජය හෝ කැප කිරීම් කරමින් බඳපටි තද කරගත්තේ නැතත්, ජනතාව තම දු දරුවන්ද රට වෙනුවෙන් පුජා කර රටේ සම්පත් යොදන්නට අනුමැතිය දුන්නෝය. මේ අනුව, රජය හා ජනතාව යුද්ධයෙ එක කොටසක් නිම කලෝය. මෙහි දී භෞතික වශයෙන් යුද්ධය දිනුවට, රාජපක්ෂ රජයට ඊළාම් මතවාදය හා මානසික තත්වය දිනන්න සැලැස්මක් නොවුණු බව අද අපි හොඳින්ම දකිමු. තවමත් ඊළම් සිහිනය, රට බෙදීමේ සිහිනය, මතවාදය අප අතරම හුස්ම ගනිමින් සිටිති. සිංහලයෝ සිහින ලෝකවල ජීවත්වෙති. රට පුරාම සතුරෝ පිරි ඇත. අතපය වකුටු කරන් නිදන්නට හුරු වූ සිංහලයෝ, එලෝ විකාරෙන් මෙලෝ අතගාමින් සිටි යය් කීම අතිශයෝක්තියක් නොවේ.
  
1.2. අනෙක් පැත්තෙන්, යුද්ධයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා ට හෝ රජයට හෝ රට ගැන අදහසක් නොවිය. රට ගැන අදහසක් ඔවුන්ට අදටත් නැත. ඔවුන් කළේ බටහිර කොපි කිරීමට අමතරව, බටහිරින් හා අනෙක් හිතවත් රටවලින් දෙන ආධාර හා පහසුකම් වෙත අවධානය යොමු කිරීමය්. මේ නිසා ඔවුන් දැන හෝ නොදැන ලිබරල් ආර්ථිකයක් වෙත රට තල්ලු කරමින් ගියෝය. වත්මන් රජය එම මාර්ගයම සුක්ෂමව වේගවත් කරමින් සිටි. ශ්‍රී ලාංකිකයෝ ඉඟුරු දී මිරිස් ගත් බව වටහා 
ගන්නේ නම් වටී.      


1.3. වත්මන් රජය, පැහැදිලිවම බටහිරවාදී රජයකි. ඔවුන්ට ශ්‍රී ලංකාව පිලිබඳ අදහසක් හෝ නැති අතර, රට ගැන දැන ගැනීමට සුදානමක් ද නැත. මෙතැනදී අන්ධ අනුකරණයෙන් කොපි කරන බටහිර ක්‍රම වේදයන් ගැනද වටහා ගැනීමක් ලබාගැනීම වටී. අද, බටහිර (බටහිර කියා ලියන කියනවිට යුරෝපය හා උතුරු ඇමෙරිකාව එක්කර වටහා ගත්තත් අප එය බටහිර හා අවැසි විට උතුරු ඇමෙරිකාව  වශයෙන් ද දක්වමු), විශේෂයෙන් යුරෝපය, ආර්ථික අස්ථාවරයක ගිලී සිටින බව කවුරුත් දනිති. වසර 20 පුරාවට යුරෝපයේ ජීවත්වෙමින් ලැබූ අත්දැකීම් ඔස්සේ, අපට කිව හැක්කේ ඔවුන්ගේ අසාර්ථක හා ජනතාව දුප්පත් හා කාලකන්ණි බවට ඇද දමන උපායන් වූ මුල්‍ය, එනම්, කොටස් වෙළඳ පොළ, බැංකු, රක්ෂණ හා දේපොළ (නිවාස, ඉඩම් ආදී) යන මාර්ග මේ වනවිටත් අසාර්ථක වී ඇති බවය්. උදාහරණයකට, මේ සටහන ලියන 31.12.2015 දිනය වන විට, ඉතාලියේ බැංකු 4 ක් (Banca Marche, Banca Etruria, Banca Cariferrara e Banca CariChieti) අසාර්ථක විමෙන්, ඒවායේ මුදල් තැන්පත් කළ සියලු දෙනා සියල්ල අහිමි වූ අසරණ තත්වයට පැමිණ සිටිති. ඉතාලි රජයට බැංකු 4 බේරා ගන්නට පොම්ප කරන්න මුදල් නැත. නමුත් පොරොන්දු දෙමින්, ජනතා විරෝධ අඩපන කරන උපාය මාර්ගය යොදා ගනිමින් සිටි. ඉතාලිය, ජනතාවගේ විශ්‍රාම වැටුප් ඇතුළු සියලු ජනතා ඉතිරි කිරීම් පරදුවට තබා කටයුතු කරන, දිනෙන් දින විසඳුම් නැති ප්‍රශ්න ඇතිකරන රටකි. මාෆියා ඇතුළු, හතු මෙන් පිපෙන, සංවිධානය වී රාජ්‍ය හා පෞද්ගලික අංශ වල අපරාධ හා වංචා කරන කණ්ඩායම් බිහි වන රටක් වී ඇත (උදාහරණයකට, රෝමයේ නගරසභාව සම්පුර්ණයෙන්ම මෙම අපරාධ කරන කණ්ඩයම් අතින් මෙහෙය වූ බවට හෙළි වී ඇත. මේ වන විට මේ ගැන පර්යේෂණ සිදුවෙමින් පවතී). අනෙක් පැත්තෙන්, මිට මසක පමණ කාලයක සිට ජනතාවට නිවාස ඇතුළු දේපොළ මිලදී ගැනීමට පහසුකම් සලසා දෙමින් ඒ ඔස්සේ විදේශ ආයෝජකයන් ගේ අවධානය ලබා ගන්නට උත්සහ කරන උපාය මාර්ගය වෙතද ගොස් ඇත. මේ මගින් තාවකාලික විසඳුම් ලැබෙන සෙයක් පෙනුනත් ජනතාවගේ මුදල් පරදුවට තැබීමක් මින් සිදුවන බව ඔවුන් නොදනී. දිනින් දින ජිවන වියදම ඉහල යමින් තිබේ. රැකියා විරහිත බව උද්දමනය ඉහල අගයන්ගේ පවතී. මේ අනුව ජනතාවගේ “ප්‍රයෝගික” ආර්ථිකය “කල්පිත” ආර්ථිකයකට බිලි දීම සිදුව ඇති බව අප ජිවත් වෙමින් හොඳින්ම වටහා ගත්තෙමු.        

1.4. මේ අනුව, ශ්‍රී ලංකාව මෙවන් බටහිර ආර්ථික ක්‍රම කොපි කිරීමෙන් ජනතාව විනාශයෙන් විනාශයටත්, දුප්පත් කමින් අන්ත අසරණ දුප්පත් කමටත් ඇද දමනු ඇත. නමුත්, අප සැම දන්නා පරිදි, අද මහත්මා දේශපාලනයක් නැති අතර, එය නැවත අනිවාර්යයෙන්ම ඇති කළ යුතු එකක් වී ඇත. එනම්, අද ජනතාව දුප්පත් අසරණ වුවත්, දේශපාලනය බිස්නස් එකක් කරගෙන පාර්ලිමේන්තුවට ගොස් ඇති මත්ද්‍රව්‍ය ගෙන්වන්නෝ හා බෙදාහරින්නෝ, අපරාධකාරයන් රකින්නෝ, අපරාධකාරයෝ, රටේ පරිසරය හා වනන්තර විනාශකරන්නෝ, ජනතා දේපොළ කොල්ලකන්නෝ, උම්මදයෙන් පෙලෙන්නෝ ආදී මෙකි නොකී ජනතා අධිකරණයකට ගෙනගොස් දඬුවම් කළ යුත්තෝ දිනති.


1.5. මේ අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීම, ශ්‍රී ලංකවේ සම්පත්, ශ්‍රමය හා උපාය මාර්ග වටහා ගැනීමෙන් ආරම්භ කළ යුතු බව අපගේ ව්ශ්වාසයය්. මෙහිදී විශේෂයෙන් ගොවි, කම්කරු හා ධිවර බලය එක්තැන් කිරීම වෙත අවධානය යොමු කළ යුතුය්. අනික් පැත්තෙන් ජනතාව අමතක නොකළයුතු තවත් කරුණක් නම්, බටහිර ගැති කොපි ආර්ථිකයන් බලෙන් පටවන්න දත කන “කළු හමෙන්” යුත් “මොළ සුද්දෝ” ජනතා අරගල වලට බිය බව. අනෙක් පැත්තෙන්, ශ්‍රී ලාංකිකයාගේ ලේ වල, සටන් පාවා දීමේ ජාන, සහජයෙන්ම ඇතිව ඉපදෙන නිසා, දේශපාලන බිස්නස් කාරයන්ට, එවන් සටන් පාවාදෙන්නන් ඔස්සේ ජනතා සටන් මැඩ පවත්වන්න මෙතෙක් හැකි වී ඇති බවද සිහියේ තබා ගත යුතු වේ.මේ නිසා අද අපට ශ්‍රී ලංකාවට ආදරය කරන, එහි භෞමික අඛණ්ඩතාවය, සහ සියලු ජාතින් සහ ආගම එක් කරන බෞද්ධ සංස්කෘතිය පිළිගන්න හා එයට ආදරය කරන මානසික තත්වයක් පිළිගන්න, ස්වෙච්ඡවෙන් කටයුතු කරන නායකය්න් අවැසි වී ඇත.  

මෙම ලිපියත් සමග, අපි ශ්‍රී ලංකාවට ගැලපෙන ආර්ථික මාර්ගයක් ගැන සාකච්ජා කරන්නට අදහස් කරමු. මෙය ලෝකයේ විවිධ රටවල සමාජ, දේශපාලන, ආර්ථික, හා සංස්කෘතික අංග ඔස්සේ කරන පර්යේෂණ ඔස්සේ කරන්නට බලාපොරොත්තු වෙමු.      


අප මෙහි දැක්වූ පරිදි පුළුල් අධ්‍යයනයක් කළත් එම ලිපි පෙළ මෙහි පල නොකරමු. යමෙක් මේ ගැන දැනගන්නට සිතය් නම් අපගේ විද්‍යුත් ලිපිනයට ලියා තොරතුරු ලබා ගත හැක. මෙම blog එකේ පල කළ බොහෝ ලිපි, බුද්ධිමය සදාචාරයයකින් තොරව සොරා ගන්න බව අපි දනිමු. සමහර වෙබ් සය්ට් අපගේ ලිපි විකුණා මුදල් ද උපයන බව දැන ගතිමු. මේ නිසා ඉල්ලීමක් කලොත් පමණක් තොරතුරු දීමට සිතුවෙමු. නමුත්, අපේ බොහෝ ඍජු අදහස් එලෙසම පල කරමු. 08.06.2016 Rome

 

WATER - Man, The Narrator

WATER - Man, The Narrator
"No man threfore No world".