පොත් විත්ති
“අපි යුද්ධ ප්‍රකශ කළ වාතාවරණයක සිටිමු. ඉස්ලාම්, මධ්‍යස්ථ ආගමක් නොවේ”
ඉස්ලාම් වලට බියවීම ෆොබියා එකක් නොවේ, එය යතාර්ථයකි. Magdi Allam
මෙසේ කියන්නේ අවුරුදු 56 දී කිතු දහම
වැළඳගත්
(22.03.2008),
ඉතාලියේ වෙසෙන, ඉතාලි ජාතික කාන්තාවක් විවාහ කරගත්, දාවිදේ, සොෆියා සහ අලෙස්සන්ද්‍රෝ යන දරු තිදෙනාගේ
පියා වූ මග්දී අල්ලාම් (Magdi Allam) වේ. මග්දී අල්ලාම් ඊජිප්තුවෙ අගනුවර
වූ කය්රෝ නුවර
22.04.1952 මුස්ලිම් පවුලක උපත ලද්දෙකි. ඉතාලියෙන් ලැබෙන ශිෂ්‍යත්වයකින් 1972
රෝමයේ සපියෙන්සා විශ්ව විද්‍යාලයට ඇතුලත් වී සමාජවිද්‍යාව පිලිබඳ උපාධිය ලබා වසර
35 ක් ඉතාලියේ ප්‍රධාන පෙලේ පුවත්පත් කීපයක වැඩ කළ ඔහු වර්තමානයේ ඉස්ලාම් ආගම පිලිබඳ පොත් ලියමින් ඉස්ලාම් ආගම
පිලිබඳ ව දැනුවත් කිරීමේ දුත මෙහෙවර කරන ප්‍රවීණ ජනමධ්යවේදියෙකි.
මග්දී අල්ලාම් ගේ ස්ථාවරයට අනුව
ඉස්ලාම් යනු මධ්‍යස්ථ ආගමක් නොවන අතර, කොරානයේ, අන්‍ය ආගමිකයන් මරා දමන ලෙස ඍජු
ලෙසම ලියා ඇති බව පේනවා දෙය්. එවන් ආගමක් ප්රජාතන්ත්රවාදී, අන්‍යොන්‍ය නිදහස ගරු
කරන, ජිවිතයට ගරු කරන ලෝකයකට නොගැලපෙන බව පෙන්වා දෙය්. ඔහු ආගමික විශ්වාසය සහ
තාර්කික බුද්ධිය අතරේ තිබිය යුතු ඍජු සම්බන්ධය පිලිගන්නෙකි.
මග්දී අල්ලාම් ගේ අලුත්ම පොත ISLAM, siamo in guerra (2015) (ඉස්ලාම්, අපි යුද්ධය තුළ
වෙමු) වේ. ඊට අනුව, ඉස්ලාම්
ආගම බලයේ ඇති කිසිම රටක, වෙනස් අදහස් දැරීමට හෝ වෙනත් ආගම්ඇදහීමට හෝ හැකියාවක්
නැති බවත්, ඉස්ලාම්, යනු “ජිහාඩ්”, එනම්, “අන්‍යාගමිකයන්ට එරහි ව කරන ශුද්ධවූ
යුද්ධය” බවත් පෙන්වා දෙය්. මේ අනුව ඉස්ලාම් බලය ඇති තැන, වෙනත් ආගමිකයන්ට හා වෙනස්
මත දරන්නනන්ට, හිංසාව, ගෙල සිඳ මරා දැමීම, ගල් ගසා මරා දැමීම, දිව කපා දැමීම ආදී
අනේක විද දඬුවම් විඳීමට සිදුවන බව, වත්මන් ඉස්ලාම් ලෝකය තුළින්ම උදාහරණ ගෙන පෙන්වා
දේ. ඔවුන් එසේ කරමින් ශිෂ්ටාචාරවත් ලෝකයට කියන්නේ ඒ අයගේ
ම්ලේච්ඡ ආදී සංස්කෘතිය සාධාරණ බවය්. නමුත් සත්‍ය නම්, මේ උදාවී ඇත්තේ 3 වන ලෝක
යුද්ධයය්. ඒ වගේම වත්මන් ගෝලීය ආර්ථිකය, යුරෝවාදය, මාෆියා බලය සහ සපෙක්ෂ්වාදී
වටිනාකම් ඇති පල්ලිය ද මේ යුද්ධයේ පන්ගුකරුවන් වශයෙන් ඔහු දක්වය්. මේ මගින්, ප්‍රායෝගික
ආර්ථිකය විනාශ කර සාමාන්‍ය ජනතාව තව දුරටත් දුක්පත් කර ඔවුන් සුරා කෑමට සුදානම්
කරය්. එසේම ජනතා බලයෙන් පත්වන රාජ්‍යයන් දුර්වලකර ප්රජාතන්ත්ර වාදය නැතිකර ලෝක
අධිරාජ්‍ය වාදයකට මුල පුරන බව පෙන්වා දෙය්. විශේෂයෙන් ජනතාවන්ගේ අනන්‍යතාව නැති කර,
පිට කොන්දක් නැති හුදු ඕපපාතිකයන් බවට මානසිකව ඒත්තු ගන්වන්න සියලු උපක්‍රම
යොදාගන්න බව පෙන්වා දෙය්.
මේ තමා මේ ගැන
සිහි එලවා කටයුතු කළයුතු වෙලාව. අපි දැන් 3 වන ලෝක යුද්ධයේ සිටිමු. ඔවුන් දිනන්නට
සටන් කරන අතරේ අපි ඔවුන්ව සාධාරණිකරණය කිරීම හෝ, ඔවුන් සුරතල් කිරීම හෝ බිඩි බීපු
කටුස්සෝ වගේ හේබාගෙන සිටීම හෝ නොවේ කළ යුත්තේ, සටන් කිරීමය්. එසේ නැත්නම්, අපව
ඉස්ලාම් ත්‍රස්තවාදය විනාශ කරනු ඇත.
No comments:
Post a Comment