Sunday 29 July 2018

FREEDOM, CREATIVITY - Graffiti, Street arts and Murals - By Ajith Rohan J.T.F., Rome


Gist of the article 

Here in the first part of this short article written in Sinhala language we discuss on Graffiti, Street arts and Murals. Today relative to all cultures, arts became a way to achieve the socio-politic-economic-cultural power, prestige and all privileges. So, it became a world of power. Then we find that this world depends on some sort of dogmatic concepts created by critiques of arts, by  Museums, galleries and class and cast minded barons. Nobody is permitted to go beyond those pedant, class, cast minded and hierarchical dark worlds. So, it is evident that the arts (in specific and in general) is imprisoned in relative museums, in galleries, in living rooms of rich, etc. and to enter in to those worlds one has to have the benediction from so called masters of arts, or has to come from a school of arts, or at least must be devoured by  politicians, powerful people or by the state. So, Arts is no more a free matter. From this point of view we can say that graffiti, street arts and murals are real free modes to channel the natural creative power of any person. They can freely express their ideas on so called public spaces.               

චිත්‍ර කලාව: කටුගෙවල්, පන්ති මනස, විදී චිත්‍ර, මුරාල්ස් සහ නිදහස් නිර්මාණ


සත්‍ය වශයෙන් මෙය ඉතාම අත්‍යවශ්‍ය සහ ගැඹුරු අධ්‍යනයක් වුවත් එහි සාරාංශය පමණක් දක්වමු. බොහෝවිට අද බුද්ධිමය දේපොළ මංකොල්ලය සහ බුද්ධිමතුන්ගේ සහ නිර්මාණකරුවන්ගේ බුද්ධිමය අවංකභාවය දක්නට නොමැති කලක් බැවින් එසේ කරන්නට යෙදෙනු බව දක්වමු.

චිත්‍ර කලාව, සංස්කෘතීන්ගේ සහ ශිෂ්ටාචාරයන්ගේ ප්‍රගමනය වටහා ගන්නට පාදක වන ප්‍රධාන කරුණු වලින් එකක් වේ. පුරාවිද්‍යාවෙන් නොයෙක් නිර්මාණ වල භෞතික කොටස් සොයා ගන්නා විට ද ඒවා නිර්මාණය කළ තාක්ෂනය, පොදු චින්තනය සහ ඇඳි රුප අධ්‍යයනයෙන් බොහෝ විට පිළිගතහැකි ඓතිහාසික අදහසක් ඇතිකරගැනීම පහසු කරය්. එසේම මිනිස් සමාජ විකාශනයේදී ක්‍රමයෙන් දේශපාලනික සහ පරිපාලන අවශ්‍යතාවන්ට අනුව සියල්ල ව්‍යූහගත කර සාපේක්ෂ ධුරාවලින් යටතට පත් කරන විට, නිර්මානකරණයත් ව්‍යුහගත කිරීමට ලක් වූ බව අපි දනිමු. මේ අනුව චිත්‍ර කලාවද ක්‍රමයෙන් ව්‍යුහගත වූ බව පැහැදිළිය. ඉන් පසු චිත්‍ර කලාව ප්‍රමිති කරණයට සහ නිති රිති වලට යටත් කිරීම ද ප්‍රබුද්ධ සහ පහත් නිර්මාණ වශයෙන් වෙන් කිරීම් ද දක්නට ලැබේ. මෙලෙස චිත්‍ර ශිල්පින් ද ප්‍රමිති කරණයට ලක්වී ඇත. විවිධ ගුරුකුල පුද්ගලික හෝ රාජ්‍ය අනුග්‍රහය යටතේ හෝ/සහ පන්ති, කුල සහ බලවතුන්ගේ සහ ප්‍රබුද්ධයින්ගේ අනුමැතිය ආශිරවාදය ලත් අයට හැර වෙනත් කිසිවෙකුටත් චිත්‍ර  ශිල්පින් වශයෙන් පිළිගැනිමක් නොලැබෙන තත්වයකට සියල්ල ව්‍යුහගත කර ඇත. මෙවන් තත්වයක් මත කාලයත් සමග චිත්‍ර කලාව එක තැන පල් වන අවධියකට තල්ලු වීම වැළැක්විය නොහැක. චිත්‍ර කලා ලොවෙන් නිදහස සහ  ස්වාධිනත්වය පලවා හැර, සියල්ල අධානග්‍රාහී නීති රීති සම්ප්‍රදායන් ගොන්නකට සහ ඒවා පවත්වාගෙන යන අතලොස්සකට යටත් කර විනාශයේ දොරටු අභියසට ගෙනගොස් සිරකොට තබා ඇති බව ඉතාම පැහැදිලිව පෙනේ. අපේ ප්‍රශ්නය නම්, මේ ව්‍යුහයන්ට පිටින් එන ස්වාධින, නිදහස් නිර්මාණ සහ නිර්මාණ ශිල්පින් ට කුමක් සිදුවේද යන්නය්? මේ නිදහස ස්වාධිනත්වය අපි අද ලෝකය පුරා දකින්නේ ග්රෆ්ෆිති, වීදි චිත්‍ර සහ මුරල්ස් ඔස්සේය. මෙහිදී වගකීමෙන් තොරව, හැඟීම් සහ ආවේග වලින් පිඩාවට පත්ව කේන්තිය තරහව පහ කරගන්න පොදු සහ පුද්ගලික දේපොළ හානි කරන හුදු අත්සන් යොදන සහ “ටෑග්” කරන ගැටවර වියේ ප්‍රකාශන ගැන අප අවධානය යොමු නොකරමු.   
    
අපි මේ සාකච්ඡාවට අදාළ නිදහස් සහ ස්වාධින නිර්මාන ශිල්පින් දහසක් බාධක අතරේ සිය විප්ලවීය මග සාපේක්ෂව හෙළි පෙහෙළි කරගෙන ඇති ආකාරය අධ්‍යයනය කිරීමට අදහස් කළේ චිත්‍ර කලාවේ නිදහස් ස්වාධින භාවය පොදු මිනිස් සංහතියේ සහ පුද්ගල ප්‍රගමනයට බලපාන කරණක් බැවිනි. විශේෂයෙන් එහි නිදහස්, ස්වාධීනභාවය ආරක්ෂා කිරීම අද වෙන කවරදාටත් වඩා අවශ්‍ය වී ඇති බැවිනි. මේ අනුව අද අපට ග්රෆ්ෆීති, විදි චිත්‍ර, මුරාල්ස් ගැන සාකච්චා කරන්නට අවස්තාව ලැබී ඇත. මේ ක්‍රම නවීන ඒවා නොවන බව සීගිරියේ කුරුටු ගී සහ අදහස් (1800 පමණ භාවිත වර්ෂ 600 – 1400 අතර කාලය) ගැන දන්නාශ්‍රී ලංකාවේ වැසියනට අමුතුවෙන් කියයුතු දෙයක් නොවේ. ගැටලුව ඇත්තේ අප පුර්වයෙන් කි පරිදි පුද්ගලගේ නිදහස් සහ ස්වාධින ප්‍රකාශනයට සමාජ-දේශපාලන-ආර්ථික-සංස්කෘතික වශයෙන් බාධා සහ වැටකඩොලු බැඳීමය. ඔවුන් ට දඬුවම් කිරීම, කොන් කිරීම ඔවුන්ගේ නිර්මාණ අවතක්සේරුවට භාජනය කිරීම සහ නොසලකා හැරීමත් ඔවුන්ගේ නිදහස සහ ස්වාධිනත්වය ගැන තීන්දු දීමට පන්ති, කුල, ගුරු කුල රාජ්‍ය අනුග්‍රහ ඇති පිරිසක් සාපේක්ෂව සැම සමාජයකම බිහිවීමය.

No comments:

Post a Comment

WATER - Man, The Narrator

WATER - Man, The Narrator
"No man threfore No world".