Thursday 25 August 2016

Sketches for Christmas greetings 1996 - by Ajith Rohan JTF, Rome

අපි කුඩා අවදියේ ශ්‍රී ලංකාවේ සියලු ආගමික උත්සව සැමරීම සඳහා සුභපැතුම් පත් නිර්මාණය කළෙමු. ඒවා අපේ හැකියාවන් අගය කළ ගුරුවරුන්ට යැව්වෙමු; මිතුරන් අතරේ බෙදා ගත්තෙමු. එවක අපි මේ සඳහා “පොස්ට් කාඩ්” (තැපැල් පත්) වශයෙන් හැඳින්වූ, තැපැල් කන්තෝරුවෙන් ම මිළදී ගතයුතු සුදු මතුපිටක් සහිත මුද්දරය මුද්‍රණය කළ කාඩ් පත් පාවිච්චි කළෙමු. මේ දළ සටහන් වලින් සකස් කළ සුභපැතුම් පත් අප ළඟ නැත. නමුත් එක් කරුණක් පැහැදිළිය්: ඒ මෙය්න් පසු අපි කිසිදු ආගමික උත්සවයක් සඳහා සුභපැතුම් පත් නිර්මාණය නොකළ බවය්. මිට ප්‍රධාන හේතුව නම් අපේ පුද්ගලික ජීවිතය, පවුල් සබඳතා, මිතුරු මිතුරියෝ, ජාතික සහ අන්තර්ජාතික සමාජ-දේශපාලන-ආර්ථික-සංස්කෘතික මාන සහ ලෝකය ආදී සියල්ල වෙනස් වීමට භාජනය වන යුගය ආරම්භ වීම බව සිතේ.

No comments:

Post a Comment

WATER - Man, The Narrator

WATER - Man, The Narrator
"No man threfore No world".