Wednesday, 27 July 2016

Terrorists, soldiers and their status - Ajith Rohan JTF, Rome

අප මෙම සටහනේ දක්වන්නේ, ලෝකයේ ශිෂ්ටාචාර ආරම්භයේ සිට අද දක්වා වූ විරුද්ධකරුවන් මරණ යුද්ධ වලට ගිය මිනිසුන් ගැනය්. මුළු මිනිස් සංහතියම අඩුවෙන් හෝ වැඩියෙන් හෝ මේ වේදනාත්මක අත්දැකීමට මුහුණ දී ඇති බව සත්‍යයකි. මෙහිදී දුප්පත්, නුගත්, ගෙයක් දොරක් නැති අසරණ තරුණ අය ත්‍රස්තවාදීන් වූ බව අද අපි දනිමු. ඔවුන්ව පාවිච්චි කරන බලවතුන් මේ සඳහා ආගම් da පාවිච්චි කරති. ඒ අනුව පිරිසකට මරණින් පසු එන දිව්‍ය ලෝක ගැන බලාපොරොත්තු dena athara තව අයට මරණින් පසු දෙවියන් මුණගැසිය හැකි බව ට බලාපොරොත්තු දෙති. මෙය සියලු දේවාගම් අතීතයේ පටන් අද දක්වා කරගෙන ena දෙයකි. හමුදාවක තත්වය ද මිට වෙනස් නැති බව පෙනේ. මේ සටහන තබන අද 26.7.2016 ශ්‍රී ලංකාවේ යුද්ධය නිසා අබාධිත වූ සෙබළුන්ව අතහැර දමා ඇති අයුරු දැකීමෙන් සහ ඔවුන්ට සිදු වී ඇති අසාධාරණය ඇසීමෙන් අපට වැටහුනේ සාමාන්‍ය ජනතාව බොහෝ දුර ගමනක් යායුතුව ඇති බවය්. මෙහිදී අපට “නිදි නැති නදියේ නාදය” නම් ගීත එකතුවේ එන ගී පද පෙළක් සිහි විය

“ගිනි ඇවිලෙන විට - කුස තුළ හාමත 

සිහිය විකල් වී - දෑස අඳුරු වී 
නොපෙනුනා - යායුතු නිවැරදි මාවත 
තනි තනි කුස තුළ - ඇවිලුණු ගින්දර
ලැව් ගින්නක් වී - ඇවිලී යනදා 
ගිනි අවි අරගෙන කඳවුරු බැන්දෙමු
රැහේ එවුන්ටම ගිනි බින්දෙමු අපි”.



No comments:

Post a Comment

WATER - Man, The Narrator

WATER - Man, The Narrator
"No man threfore No world".