ශ්‍රී ලංකාව න්‍යායාත්මකව සහ ප්‍රයෝගිකව දේශපාලනික වශයෙන් දුෂිත රටකි
1. ඉංග්‍රීසින් 1931 සර්වජන
ජන්ද බලය දෙන්නට පෙර ශ්‍රී ලංකාවේ බටහිර අදහස් කරන ප්රජාතන්ත්රවාදයක්
නොවූ බව සත්‍යකි (නමුත්, කුමන ප්‍රශ්න ගැටළු තිබුනත්, එදා, එනම් බටහිර ආක්‍රමණ වලට
පෙර තිබු සමාජයේ, රජු සහ ජනතාව අතර ඉතාම හොඳ සම්බන්ධතාවක් තිබු බව අපි දනිමු). එසේම,
සර්වජන ජන්ද බලය සාමාන්‍ය ජනතාවට ලබා දීමට එවකට ඉංග්රීසින්ගේ සිංහල නියෝජිතයන් සේ
කටයුතු කළෝ විරුද්ධ වූ බව ද සත්‍යයකි. එම වරප්‍රසාදය ඉංග්රීසින්ගේ ආශීර්වාද ලත්,
ඉංග්‍රීසින් හා සමානව සිතන එසේ පුහුණු වූ ඉංග්‍රීසි කතා කළ දේශපාලන සහ ව්‍යාපාරික පැලැන්ති වලට පමණක් සිමා
කර ගන්නට අවැසි විය. එසේ කිරීමට තැත් දැරීමේ හේතු වශයෙන් ඔවුන් දැක්වූ හේතුව වූ, සාමාන්‍ය
ජනතාවගේ අධ්‍යාපනික, මානසික සමාජවිද්‍යාත්මක සහ දේශපාලනික වශයෙන් එවන් බැරෑරුම්
තේරීමක් සඳහා සුදානමක් නැතය් කීම අදටත් ගැළපෙන්නකි. එසේම, සර්ව සම්පුර්ණ දේශපලන
ඥානයක් සමග ශ්‍රී ලංකාව බාරගත් එක ම එක දේශපාලකයෙක් හෝ අද දක්වා නොසිටි බව ද සත්‍යයකි.
දොන් ස්ටීවන් සේනානායකගේ පටන් රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන දක්වා ශ්‍රී
ලංකාව පාලනය කළා (කරනවා) යය් කියනවට වඩා අවුලෙන් අවුලට ඇදගෙන යමින් තම තමන්ගේ වැඩ
කර ගත්තෝ (ගන්නෝ) යය් කිව හැක.
2. තවමත් අපි යටත්විජිතයක
ජිවත්වන බව පැහැදිළිව පෙනේ. අප මෙසේ කීමට ප්‍රධාන හේතුව, තවමත් අප සිටින්නේ එදා
ඉංග්රීසින්ගේ වරප්‍රසාද ලැබූ පවුල් පැලැන්තියේ දුෂිත පාලනය යටතේම වීම නිසය්. ඔවුහු
ඉංග්රීසින්ගේ ආගම (ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි)
හදවතින් සහ මනසින් ජිවත් වෙති. ඔටුන්නට ගරු කරති. ශ්‍රී ලංකාවේ ජනතාව ඉදිරියේ
බෞද්ධයෝ වෙති. මේ පැලැන්ති ක්‍රමයට පිටතින් පැමිණි ආර්. ප්‍රේමදාස ද විකාරයෙන්
මෙන් වලව් පැලැන්තියක් ගොඩනගාගෙන ඔහුගේ විරුද්ධකාරි සිංහල-ඉංග්‍රීසි ඒජන්ත වරුන්ට
මුහුණ දීමට උත්සහ කළේය. මෙසේ ඔහු මුළු රටම අවුල් වන බොහෝ ක්‍රියා කළේය. මහින්ද
රාජපක්ෂද මේ වර්ගයේ කෙනෙකි. ඔහුද හැකි හැමවිටම වලව් කාරයෙක් සේ පෙනී සිටින්නට
උත්සහ කළේය. මොවුන් සියල්ලෝ ශ්‍රී ලංකාවේ ජනතාව සලකන්නේ බටහිර වැඩවසම් යුගයේ
මානසිකත්වයෙනි. ඔවුන් මනසින් 21සියවසට පැමිණ නැත. මේ අනුව, අප කී දේ සැබෑ වේ. මේ
දක්වා ශ්‍රී ලංකාව අවුලෙන් අවුලට ඇදගෙන යන්නෝ ඉංග්රීසින්ගේ සහ පොදුවේ බටහිර
ආශීර්වාද ලද්දෝ (සිහල, ද්‍රවිඩ, මුස්ලිම්) සහ එසේ වීමට උත්සහ කරන විකාර කාරයෝ
පිරිසක් විසිනි. මෛත්‍රිපාල සිරිසේන මිට වෙනස් සැලසුමකට කටයයුතු කරන බටහිරට දිව
දික්කරගෙන, කාටත් නොදැනී බටහිරට කඩේ යමින් සිටින්නෙකි. ඔහු කතෝලික බල කඳවුරේ සහය
ලබාගෙන ඒ ඔස්සේ බටහිරට කොක්ක ගසාගෙන ඇත. ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියද කල දුටු කල
වල ඉහගන්න මාන බලමින් සිටි. ඔවුන් අර අදින්නේ තවත් කෝට්ටේ ධර්මපාල (Dom João Dharmapala Peria Bandara) කෙනෙක් නිර්මාණය කර
ගැනිමටය්. JVP මානසිකත්වය ගැන කිවයුතු දෙයක්
නැත. ඔවුන් හැමදාම එකම මඩ වලක ලගිමින් සිටිති. අනෙක් පැත්තෙන් මර්ක්ස්වාදය යනු
හෙබෙව් වරුන්ගේ සර්වසම්පුර්ණ රාජ්‍යය ඔස්සේ ගොඩනැගු දේශපාලන ක්‍රමය බැවින් ඔවුන්ද (JVP) ශ්‍රී ලංකාව බටහිරට බිල්ලට දෙන එක ඔවුන්ද නොදැන ම කරන
දෙයකි. ඔවුන් සමග ශ්‍රී ලංකාවට ගමනක් ඇතැය් නොපෙනේ.
3. මේ පාලකයන් අතරින් එක්
අයෙකු හෝ, බටහිර බලපෑම් අමතක කර, ලංකාවේ ගමන බටහිරයන් නිසා නැවැත් වුනු, ඇනහිටුණු තැනින්
පටන්ගෙන රටට නව ආරම්භයක් දීමට, රට, ජාතිය එහි අය්තිහාසික පදනම, සංස්කෘතික පදනම, භාෂාව,
විවිධ ජාතීන්ගේ සහ ඔවුන්ගේ පොදු භාෂාවන්ගේ පැවැත්ම, ඔවුන්ගේ සංස්කෘතික සහ ජාතික
විඥානය ගරු කරමින් ඒකීය ශ්‍රී ලංකාවක්, එක ධජයක් යටතේ පොදු සංස්කෘතියක් යටතේ එක්
කරන්නට අවංකව උත්සහ කළේ නැති බව අද ඉතාම පැහැදිලිව පෙනේ. උත්සහ නොකළේ ම නැතැය්
කියා කෙනකු කිවත්, ඒ උත්සාහයේ ප්‍රතිඵල ගැන සාක්ෂි නැත. මේ නිසා කිව යුත්තේ අපට
හිස් වචන වලින් පලක් නැති බවය්. දේශපාලකයෝ ජනතා මුදලින් ඔවුනොවුන් කා කොටා ගනිති.
නඩු කියති. යාලු වෙති. සතුරු වෙති. ජනතා මුදලින් නමුත් රහසිගත වැ එකිනෙකා සන්ධානගත වෙමින් අපරාධ සගවා ගනිති. සතුරන්ට නිතිය
ක්‍රියාත්මක කරති. මිතුරන්ව රැක ගනිති.
4. ජනතාව මෝඩයාට ඇන්දවීම අවසන්
නැත. ශ්‍රී ලංකාවේ ජනතාවද මහා ලොකු සාක්ෂරත්වක් තිබුනත්, 21 සියවසේ මානසිකත්වයෙන්
බොහෝ දුර සිටින්නෝ බව ද පිළිගත යුතුය. උදාහරණයකට දේශපාලකයන්ට හෝ රාජ්‍ය සේවකයන්ට
හෝ සාමාන්‍ය ජනතාවට හෝ ඒඩ්ස් රෝගය ගැන වැටහීමක් නැත. අනෙක් ඉතාම ආසන්න උදාහරණය
හැටියට සරත් ෆොන්සේකා නම් පුද්ගලයා ගනිමු. ඔහු කොතරම් මානසික අවපීඩනයෙන්, පළිගැනීමේ
චේතනාවෙන් පෙළුණු බවත්, ඔහුගේ මුහුකුරා නොගිය ගැටවරයෙකු මෙන් එකට එක කිරීමේ දැඩි
වුවමනාවෙන්, කල් යල් බලා සිටිය මානසිකත්වයත් බලන්න. මිට දින කීපයකට පෙර ඔහු
පාර්ලිමේන්තුවේදී කළ කතාව ඇසු අයට, ඔහු ඇමති වරයෙක් වශයෙන් සාක්ෂාත් කරගත්තේ ඔහුගේ
පළි ගැනීමය්. ඔහු කළ කතාව ඔහුගේ ළමා හදවතේ වේදනාවය්. ඔහු නොකළේ හැඟුම් බරව හඬන එක
පමණය්. ඔහු මේ පළිගැනීමේ අවස්ථාව ලබා ගැනීමට කොතරම් කැප කිරීම් කළා දැය් අපට
වැටහේ. මේ සඳහා ඔහු, ඔහුම අනුමත නොකරන දේ පවා කරන්නට ඇතය් දැන් වැටහේ. නමුත්, ජනතාවගේ
පැත්තෙන් අපගේ ස්ථාවරය නම් කිසිවෙකුත් පළි ගැනීමේ චේතනාවෙන් පාර්ලිමේන්තුවට යන්නට
සිතීම ජනතා හිතවාදී නොවන බවය්. එය ජනතා විරෝධී, සදාචාර විරෝධී සහ න්‍යාය විරෝධී
වේ. මෙතෙක් කලක් ශ්‍රී ලංකාවේ දේශපාලනය ක්‍රියාත්මක වුයේ මෙසේ බව පැහැදිලිය. ජනතා
මුදලින් ඔවුන්, ඔවුන්ගේ පුද්ගලික දේ කර ගනිති. මෙය ශ්‍රී ලංකාවේ දුෂිත දේශපාලනයය්.
"අසන්න සගය්නේ මෙය නෑසුන යය්
කියන්නෙපා
මහපොළවේ කුණුකසල වළලන්න කාලයය්
මේ"