1. සිංහලේ ට තාවකාලික හමුදා රජයක්
1.1. සිංහලේ හෝ ශ්‍රී ලංකා හෝ කුමන හෝ
නමෙකින් හැඳින්වුවත්, බුදු දසුන ආලෝකය කරගෙන මේ රටේ ඉතිහාසය ට සහ
සංස්කෘතිය ට පදනම් දැම්මෝ පැරණි සිංහලයෝ මැ වෙති. වත්මනෙහි, සිංහලයෝ බටහිර
සංස්කෘතියෙන් සහ නොයෙක් උපක්‍රම මගින් අනන්‍යතාවක් නැති, පිට කොන්දක් නැති
අවජාතකයන් බවට පත් කර සිටිති (මේ අනුව බලන කල, ඉස්ලාම්, තම අනන්‍යතාවය රැක
ගැනීම සඳහා සටන් වැදීම අගය කරමු. සංස්කෘතික හා ජාතික වශයෙන් අවජාතක විමට
වඩා, සටන් වැදී ම හෝ රට හැර යාම යෙහෙකි). අද සිංහලයෝ තම රට ජාතිය නොහඳුනති.
ඔවුන් බටහිරයන් පුරුදු කළ ආකාරයට, නමුත්, කිසිම බටහිර රටක නැති සහජීවනයක්,
සංහිඳියාවක් ගැන සිහිනෙන් මෙන් නමුත් මරුවිකලෙන් දොඩවති. මේ තත්වයෝ එනම්
ජාතික සමගිය, සහජීවනය, සංහිදියාව, ආදී සියල්ල තහවුරු විය යුත්තේ
ව්‍යවස්ථාවකින් තහවුරු වූ බලවත් වූ රටක පමණි. එසේ නොවූ කළ මේ සියල්ල උගුල්
සහ බටහිරයන්ගේ උපක්‍රම ම වෙති. සිංහලයෝ, තම දු දරුවන් නොහඳුන න තත්වයට
පැමිණ ඇත. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ට ලිංගික අඩත්තේට්ටම් කරන තැන ට රට
කරවන තැන ද පත් වී ඇත. මොවුහු රට ගැන ජාතිය ගැන නොසිතති. පොදුවේ ජාතියක්
වශයෙන් එක් විය යුතු අවස්ථාවේ වෙන් වී බෙදී කටයුතු කරති. කෙටියෙන්ම ඔවුන්ට
රටක් ඇතය් කියා හෝ නොහඟීති.
1.2. මෙවන් වාතාවරණයක දී සිංහලේ ප්‍රශ්න වල ට විසදුමක් දීමට හැකියාව ඇත්තේ මේ
වෙනුවෙන් පිහිටුවාගන්න තාවකාලික හමුදා රජයක ට පමණි. නමුත්, මේ ෆිස්කල්
මිලිටරි රජයක් නොවී, රටේ පවතින ප්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා සිමා නියම
කළ බලවත් රජයක් විය යුතුය. මෙහිදී විශේෂයෙන් රටට සිදුවන බාහිර ඇඟිලි ගැසීම්
(බටහිර සහ ඉන්දියාව) වහාම නැවත්වීම හෝ ඒවා නොසලකා හැර කටයුතු කළ යුතුය. රට
එක ව්‍යවස්ථාවක් එක භාෂාවක් (සිංහල) සහ පොදු එක සංස්කෘතියක් (බෞද්ධ
සංස්කෘතිය) යටතේ එක්සේසත් කළ යුතුය. එසේ නැතහොත් (දෙවන විසඳුමක් ලෙස),
බලවත්, සිංහල රජයක් පත්කර ගත යුතුය. මේ සඳහා සිංහලයන් එකමුතුව නමුත්
ප්‍රජාතන්ත්‍රවාදීව වෙන්ව සටන් කළත් එක්වි රට එක්සේසත් කරන්නට කටයුතු කළ
යුතුය (ආත්මාර්ථයෙන් නොව රට වෙනුවෙන් පමණක් මැ සිතා එක්වි කටයුතු කළ
යුතුය). නමුත්, ගැන අප තුළ බලවත් දෙගිඩියාවක් පමණක් ඇතිවේ. එනම්, මෙම දෙවන
කරුණ ගැන අප එතරම් විශ්වාසය නොතබමු. මන්දයත්, සිංහලයෝ සමගි කරන්නට හෝ එක
මාර්ගයකට ගන්න ට හෝ බැරි, එකිනෙකාට විරුද්ධව කා කොටා ගන්නා ප්‍රාථමික
මනසකින් ක්‍රියා කරන්නෝ බැවිනි.
1.3. අභියෝගය