1948 න් පසු නිදහස් අධ්‍යාපනය සහ 21 වන සියවසේ අවශ්‍යතා (සටහන් 01)
ප්‍රධාන ප්‍රශ්න: 21 සියවසේ අධ්‍යාපන අවශ්‍යතා: ළමා, තරුණ සහ වැඩිහිටි උසස් අධ්‍යාපන අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇති ඉඩ පහසුකම් මොනවාද? රැකියා කරන ගමන් උසස් අධ්‍යාපනය ලබන්න ලංකාවේ ඉඩ තිබේද? මේ සඳහා අවශ්‍ය නම්‍යශීලි දේශපාලනයක් සහ කාල සටහන් තිබේද? ශ්‍රී ලංකාව ධුරාවලි මානසිකත්වයෙන්, පන්ති, කුල හා ජාති පදනම් රහිත අධ්‍යාපනයකට සුදානම්ද? ලංකාව 21 සියවසට පිවිසි ද? ජනතාවගේ බදු බර සැහැල්ලු කරන ක්‍රම මොනවාද?
ප්‍රවේශය
1. ලෝකයේ කුමන හෝ රටක්, එම රටේ ජනතාවගේ “රාජ්‍ය
අනන්‍යතා පුහුණු වැඩසටහනින්”, එනම්, ප්‍රාථමික සහ
අනිවාර්ය අධ්‍යාපනය (අවුරදු 16 දක්වා), අන් සතු නොකර රජය
යටතේ පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය දෙයකි. මේ මගින්, එම රටේ, ඉතිහාසය, සංස්කෘතිය සහ වටිනාකම් පිලිබඳ අවබෝධය
ලබා දීමෙන්, රට
ට එක්වන නව පුරවැසියන් සහ රටේ වැඩිහිටි අය අතරේ අන්‍යොන්‍ය
සන්නිවේදනය සහ සම්බන්ධතාවය අවම ගැටුම් වලින් යුතුව පවත්වාගෙන යාමට අවශ්‍ය
වන වාතාවරණය සකස් වේ. අපගේ පර්යේෂණ වලට අනුව, භාෂා ඉගැන්වීම (සිංහල,
දෙමල, ඉංග්‍රීසි, සංස්කෘත, පාලි, අරාබි, චීන, හින්දි, වංග සහ තවත්),
ගණිතය නිර්මාණාත්මකව
උගැන්වීම (දැනට ලෝකයේ සහ සිංහලේ උගන්වන ක්‍රිස්තියානි,
ඉස්ලාම්, හෙබ්‍රෙව් දේවධාර්මික සංකල්ප
වක්‍රාකාරව උගන්වන ගණිතය නොවේ), රටේ
සම්පත් ගැන අවබෝධය සහ නිර්මාණශිලිත්වය වැඩි දියුණු කරන ක්‍රමෝපාය
ආදි කරුණු මුල්වූ අධ්‍යාපනයක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බව පෙන්වා
දෙමු. මේ මුලික අධ්‍යාපනය, රජයේ ප්‍රතිපාධන
මගින් පවතවාගෙන යායුතුය (නමුත් එය ලෝකයේ සෑම රටකම එසේ සිදු නොවේ).
ඒවගේම රටක අනාගත පරපුර, රාජ්‍ය
සේවයට (ලිපි කරුවෝ, ගුරුවරු,
රාජ්‍ය පරිපාලන
නිළධාරීන්, බටහිර
ක්‍රමයට පුහුණු කළ වය්ද්‍යවරු, ගොඩනැගිලි,
මාර්ග, කානු ආදීය ගොඩනගන්න
සැලසුම් නිර්මාණය කරන අය ආදී) පමණක් සිමා නොකර, නිර්මානශිලිව සිතන පරපුරක් බවට පත්
කිරීමට රටේ ප්‍රාථමික අධ්‍යාපන සැලසුම් සකස්වේ නම් යහපත් වන
බව පැහැදිලිව පෙනේ. මෙවන් ප්‍රාථමික අධ්‍යාපනයකින් උසස් අධ්‍යාපනයට පිවිසෙන
පුද්ගලයා නිදහස් සහ නිර්මාණශීලි පුද්ගලයෙකු වීමේ ප්‍රවනතාවය වැඩිය.
එසේ නොමැතිනම්, තව
දුරටත්, ශ්‍රී
ලංකාව පම්පෝරි ගසමින් යටත්විජිත ආණ්ඩුවල සේවය කරන්න අවශ්‍ය ශ්‍රමිකයෝ
පුහුණු කිරීමට සැලසුම් කළ අධ්‍යාපනය ම තලු මරමින් පවත්වාගෙන යන බව
පැහැදිලිය. අධ්‍යාපනය පිලිබඳ රටේ ජාතික ප්‍රතිපත්ති
ඉතා හොඳින් සැලසුම් කර, ක්‍රියාත්මක
නොකර සිටින ශ්‍රී ලංකාව කොය්ය්බට යන්නේ දැය් ඇයද නොදනී.
නමුත් අපට පෙනේ. ශ්‍රී ලංකාව තොමෝ, තවමත්, කුල,
පන්ති, ඇති නැති, බලවත් දුබල යන අන්ත
වල ගැටෙමින් එලෝ විකාරෙන් මෙලෝ අත ගාමින් අන්ධකාරයේ අත පත ගාමින්
ගමන් කරන්නීය. ඇගේ දෙතනින් පෝෂණය වන්නෝ කුහකයෝ මැ
වූයෙන්, ඇය
දිගින් දිගට ඇගේම රුධිරයෙන් පෝෂණය වන්නන් විසින් දුෂණයට
ලක්වෙමින් සිටින්නීය.
2. අනිත් පැත්තෙන්,
බටහිර මිනුම් දඬු
වලට අනුව ලිවීමේ කියවීමේ හැකියාව පමණක් ලබා ඇති ලෝකයේ මුල් පෙලේ ජාතියක්
විමෙන් ශ්‍රී ලංකාව ලැබූ ප්‍රතිඵල මොනවද? සිදුව ඇත්තේ, ශ්‍රී ලංකාව බටහිරයන්ට ඔවුන්ගේ
අධ්‍යාපන යටත්විජිතවාදය අනෙක් රටවල දේශනා කරන්නට නියැඳියක් විම පමණි.
සිරි ලංකවේ මිනීසුන් තවමත් කුල, පන්ති,
ඇති නැති, උගත්, නුගත්, රාජ්‍ය, පෞද්ගලික ආදී බෙදීම්
වල සිට ඔවුනොවුන් අතරේ කා කොටා ගනිති. එසේම, වත්මන් අධ්‍යාපන ක්‍රමය මගින්, සිසුන් තුළ මුලික
වශයෙන් ජනිත කරන්නේ ඉච්ජාභන්ගත්වය සමග තමා සහ සමාජය ගැන වෛරය පමණක් බව
පැහැදිලිය. 1948 සිට
රටේ අනාගතය බාරගන්න අයව, තම
අනාගතය ගැන බිය වුනු පිරිසක් වශයෙන් එලියට දමය්. දැනට පවතින තරඟ
විභාග ක්‍රමය මගින් ජාති වාදයට, කුල
වාදයට සහ ජර්මනියේ නාසි වදයට වඩා භයානක අන්දමින් ළමා සහ තරුණ පිරිස්
සාමාන්‍ය ජිවිත ප්‍රවාහයෙන් ඉවතට තල්ලුකර දමය්. ඔවුන්
මෝඩ තකතිරුවෝ වශයෙන් සමාජය ට පෙර, ඔවුන්ටම ඒත්තු
ගන්වන්නට ක්‍රමොපායෝ සකස් කර ඇත. අසාර්ථක පුද්ගලයන් බවට පත් පුද්ගලයෝ
බොහෝවිට මෙහෙකාර කමට රට පැටවෙති (එසේ කිරීමට ඔවුන්ව පොලඹවනු ලැබෙය්). මේ තකතිරුවන්
තම ජිවිතේ පුදා හොයන ඩොලර්, දිනාර්,
යූරෝ වලින් කුහකයෝ
සාජ්ජ දමති. සැබෑ කරුණු මෙසේ වුවද කිසිවෙකුත් කිසිවක් නොකරති.
විභාග හුදු සටහන් කට පාඩම් කර වමාරන ක්‍රමයෙන්ම පවත්වාගෙන
යති.
මින් නිර්මාණශිලිත්වය
කෙසේ වෙතත්, ඉගෙන
ගන්නා තුළ තමා ගැන හෝ විශ්වාසයක් ජනිත නොකරය්. මේ ක්‍රමයෙන්,
අලුත් දෙයක් බිහි කරන
පිරිස් බිහි කරන්නේ නැත. නවතත් කිව යුත්තේ, මේ ක්‍රමය හුදු රජයේ බදු වලින් යැපෙන,
රජයේ සේවා
පවත්වාගෙන යන්නට අවැසි පුද්ගලයන් බිහි කර ගැනීමක් සඳහා පිළියෙළ කළ බටහිරයෝ
ශ්‍රී ලංකාවට දායාද කළ ක්‍රමයම හෝ එහි යම් යම් වෙනස් කම් කළ කොපියක්
බවය්.
3. උසස් අධ්‍යාපනය,
නිදහස් විය යුතුය.
නමුත් "නිදහස්
අධ්‍යාපනය" යන්නෙන් එය අනිවාර්යයෙන් රජයේ මුදලින් (ජනතාවගේ බදු වලින්)
පවත්වාගෙන යාමක් අදහස් වේ යැය් නොසිතමු. නිදහස් අධ්‍යාපන සංකල්පයෙන් සිදුවිය
යුත්තේ, සින්හලේ
මානසිකත්වයේ පැලපදියම්ව ඇති කුල, පන්ති, උසස් පහත්,
ඇති නැති, ආදී පටු බේධ නිශේධ කර
සමානත්වයෙන් යුතුව රටේ භාෂාව, සංස්කෘතිය,
ගැටුම් සාකච්චා
කිරීමෙන් අවම හෝ සමතයකට පත් කරන ක්‍රම ඉගෙනීම, තම පරිසරය ගැන වඩා පර්යේෂණාත්මක අයුරින්
ඉගෙනීම ආදි දේ ඉගෙනීමට රටේ ජිවත්වන, උපදින හෝ පිටතින් එහි ජීවත්වීමට පැමිණෙන
අයට දොර හැරීමකි. එයට රාජ්‍ය සහ පෞද්ගලික
සහභාගිත්වය ලබා ගත යුතුය. අධ්‍යාපනය හුදු ජීවත්වීම සඳහා එකිනෙකා පරයා නැගී
සිටියයුතු තරඟයක් නොවන බව වටහා දෙන්න හැකි බුද්ධිමත් මිනිසුන් ශ්‍රී
ලංකාවේ නැති බව පැහැදිලිව පෙනේ. විභාග, හුදු, සටහන්
කට පාඩම්
කර වමාරන ක්‍රමයෙන් බැහැරව පවත්වාගෙන යාමට කිසිදු අවධානයක් මෙතෙක් යොමු
කර නැත.
4. අනෙක් පැත්තෙන්,
අධ්‍යාපනයේ සම්පුර්ණ
බර පැන ජනතාවගේ බදු මගීන් පියවාගෙන යන ක්‍රමය ශ්‍රී
ලංකාව වැනි රටකට අවාසි සහ දැඩි අර්බුධ ගෙන එන ක්‍රමයකි. අප
දන්නා පරිදි, අවුරුදු
05
සිට ප්‍රථම උපාධිය දක්වා වියදම් දරන්නට ජනතාවට සිදුව ඇත. මේ බර
පැන සඳහා, කුහක
අයුරින් රටේ අධ්‍යාපනයෙන් මෝඩ තකතිරුවන් වශයෙන් ඉවතට තල්ලු කරන ලද ජනතාව
විශාල මෙහෙයක් කරති. එනම්, ඔවුන්
කුඩා කාලයේ සිට වැඩ කර හෝ, විදේශ
ගතවී හෝ රටට මුදල් සොයා දෙති. මේ නිසා, අද මේ ගැන නැවත සිතිය
යුතු කාලය එළඹ ඇත. මේ දිනවල රජයේ මුදලින් පවත්වාගෙන යන
විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න සිසු සිසුවියන් පෙළපාලි යමින්, මාලඹේ පෞද්ගලික වෙද
විදුහල රජයට ගන්න යය් කීම බුද්ධිමත් ව හිතා කියන දෙයක් නොවන බව
පැහැදිලිය. ඔවුන්ගේ කුහක සහ මානය රටේ පොදු වැරදි වටිනාකම්
වලින්
පැන නැගුනු ඒවා බව ම පෙනේ. එනම්, තමන් අධ්‍යාපන තරගෙන් දිනා, ජනතාවගේ මුදලින් ඉගෙනගන්නට
තරම් දක්ෂ වූ යේ යය් උදම් අනන පුහු මාන්නයය්. ලෝකයේ, බොහෝ බුද්ධිමතුන්, විද්‍යාඥයන්, නව සොයා ගැනීම් කළ අය,
දාර්ශනිකයන් රැකියා කරමින්
විශ්ව විද්‍යාලයකට හෝ නොයමින් ස්වෝත්සාහයෙන් උගත්තෝ වෙති.
උදාහරණයකට,
මහා ගත් කරු ජි. බි.
සේනානායකයෝ, 14 වන
වියේදී පාසල අත්හල 18 වන වියේදී
කොළඹ පුස්තකාලය තම විශ්ව විද්‍යාලය කරගෙන ස්වෝත්සාහයෙන් උගෙන මහා ප්‍රාඥයෙක්
වූයේය. අද ජනතා බදු මුදල් වලින් පවත්වා ගෙන යන, විශ්ව විද්‍යාල
වල
සටහන් කට පාඩම් කරන්නන්ට මේවා විහිළු සේ පෙනෙනු ඇත. එවන් උසස් චින්තනයක් ගොඩ
නගාගන්නට මුල් වෙන්නේ යහපත් චරිතයය්. තරමක් දුරට පවුල් පරිසරය ද මිට හේතු
විය හැක. මිට අමතරව, අප
පෙර කී ක්‍රමවත් සහ නිදහස් ප්‍රාථමික අධ්‍යාපනයකින් මෙවන්
නිදහස් නිර්මාණශීලි පුද්ගලයින් බිහි විම වැඩි කරගන්නට හැකිය.
5. මේ අතරේ, මාලඹේ පෞද්ගලික වෙද
විදුහල රජයට පවරාගන්නට යය් කියමින් පෙළපාලි යන ජනතා බදු මුදලින්
ඉගෙනගන්න සිසු සිසුවියෝ බටහිර පන්නෙට ඇඳ පැලඳ පුවත්පත්
සාකච්චා පවත්වති. මේ පවරාගැනීම කලොත්, එය ක්‍රියාත්මක කිරීම සඳහා රජයට
මුදල් සපයා ගත යුත්තේ තව තවත් ජනතාවට බදු පැටවිමෙන් බව ඔවුන්ට දැනගන්නට
අවැසි නැත. ඔවුන්ගේ සිහිනයද ජනතා මුදලින් ඉගෙනගෙන, ඔවුන්ගේ මනෝ රාජ්‍යයෝ ගොඩනගා
ගැනිමය. කෙසේ වෙතත්, මේ
කුහක සහ ඊර්ශයාව පෙරදැරි කරගත් අසාධාරණ, ශ්‍රී ලංකාවේ වැඩවසම්,
පන්ති සහ කුල
මානසිකත්වය යටත්විජිත පදමනම් අනුව මෙහෙයවීමේ ප්‍රතිඵලයෙන්
උපන් සටන් ලොප් කළ යුතුය. මෙවන් කුහක පුද්ගලයෝ, ජනතාව මත තව තවත් බදු
පටවන්නට හේතු වෙති.
රජයේ වීශව විද්‍යාල
වල ඉගෙන ගන්න අය, සාධාරණය
සහ අසාධාරණය ද ඔවුන්ගේම පන්ති මානසිකත්වයෙන් හදා ගත් වටිනාකම් මත
තක්සේරු කරන බව පෙනේ. ඇතුලෙත් ගැට පිටත් ගැට! අපි පැහැදිලිව
දන්නා පරිදි, දැනට,
පොදුවේ ශ්‍රී ලංකාවේ
අධ්‍යාපනය ඒකාකාරී වේ, එනම්,
නිර්මාණශීලි නොවේ. ඉන්
රජයට අවශ්‍ය සේවකයන් ඇති දැඩි කරගැනීම මුලික අරමුණ වේ. අනෙක් පැත්තෙන්,
විශ්ව විද්‍යාල ලේබලය,
තමන්ට නැති හෝ
තිබී නැතිවූ පන්ති හෝ කුල ශක්තිය ලබා ගන්නට මාර්ගයක් නොවන බව තේරුම් ගන්නට
හැකි නම් රටට කරන යහපතකි. උපාධි ලේබලයෙන් ලංකාවේ “ප්‍රභූ වන්දනා” මානසිකත්වයෙන් වාසි
ලබා ගන්නට තරම් පහත් මානසිකත්වකින් පෙළෙන්නේ නම් එය ජාතියේම අවාසනාව වේ.
6. රටක් පවත්වාගෙන යන්නට
සේවා අත්‍යවශ්‍ය වේ. නමුත්, රට ඉදිරියට ගෙනයන්නෝ නිර්මාණශීලි නිදහස්
පුද්ගලයෝ බව අමතක නොකළ යුතුය. කණගාටුවට කරුණ නම්,
ශ්‍රී ලංකාවේ ව්.
විද්‍යාල වලින් පිටවන අය ජනතාවගේ බදු වලින් යැපෙන ක්‍රම මතම
යැපෙන්න හිතන අය විමය්. ඔවුන් රජයේ බදු වලින් යැපෙන, රජයේ රැකියාවක් නොලැබුනොත්, තමන්
අසාර්ථක බව සිතති. නමුත් පැහැදිලිව කිව
යුත්තේ, නිදහස්
අධ්‍යාපනය යනු ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගෙන ජනතාවට කොකා පෙන්වන ක්‍රමය
නොවන බවය්.