සංස්කෘතික අධිරාජ්‍යවාදය ට හැඳින්වීමක් / 01
අපි මේ ලිපි පෙළ ලිවීමේදී, අපගේ විශේෂ අවධානය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවල් හා එම කලාපය යටත් කරගෙන සිටි බටහිර රටවල් වෙතද, යට කි රටවල් තව දුරටත් එම කලාපය යටත් විජිතයක් වශයෙන් වක්‍රාකාරයෙන් පාලනය කරන ආකාරය ද විමසීමට ළක් කරමු.මිට අමතරව ක්‍රම විද්‍යාව හැටියට පොදුවේ අන්‍යොන්‍ය ගෞරවය ආරක්ෂා කිරීම සඳහා හැකි හැම අවස්ථාවකම ඇසුරු කරන පොත පතේ නම් හා කතුවරයාගේ නම් ද ඉදිරිපත් කරමු. නමුත්, එකම අදහස, පුදගලයන් අතරේ කිසිදු සම්බන්ධයකින්, දැනුමකින් තොරව විවිධ තන්හි, විවිධ පුද්ගලයන් තුළ ජනිතවිය හැකි බව අපි ප්‍රයෝගිකවම පිළිගනිමු.
එසේම මේ ලිපි පෙළ ලිවීමෙන් කිසිදු පුද්ගලයෙක්, හෝ ජාතියක් හෝ දේශයක් හෝ
කලාපයක් හෝ වැරදි කරුවන් කිරීමක් හෝ නිර්දෝෂී කිරීමක් හෝ බලාපොරොත්තු
නොවෙමු. නමුත්, අපගේ ලෝක දැක්මට අනුව, ඓතිහාසික කරුණු හා විශේෂයෙන් ජාතික
මට්ටමෙන් කරනු ලබන නව පුරාවිද්‍යාත්මක සොයාගැනීම් වෙත හා දේශීය වශයෙන් කරන
නව අර්ථදැක්වීම් වෙත අපගේ අවධානය යොමු කරමු. යටත් විජිත සමයේ ලියන ලද
ඉතිහාස පොත පත හා මත හා වාද විවේචනාත්මක ඇසින් බලා විස්තර විභාග දක්වමු.
ඒවා මුලාශ්‍ර වශයෙන් සළකා කටයුතු නොකරමු.
අපට අවැසි වන්නේ ලෝකය අන්‍යොන්‍ය ගෞරවය හා නිදහස ගරු කරන තැනක් හා යුක්තිය හා සාධාරණය අනුව ජීවත්වීමට හැකි තැනක් වනු දැකිමය්. මේ සඳහා 21 වන සියවසේ මිනිසා සටන් කළ යුත්තේ ප්‍රඥාවෙන්, බුද්ධියෙන් හා අන්‍යොන්‍ය ගෞරවය මුලික වූ සංවාද ඔස්සේ පමණි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ජිවිතයේ වටිනාකම එක එක පුදගලයාගේ ජීවිතය හා සාපේක්ෂ වන බව සලකමු. ඒ හැර පුදගලයින්ගෙන් තොර, ප්‍රපඥ්ච වලින් තොර වාස්තවික ජීවයක් ගැන සැලකීමට නොහැකි බවද සළකා මේ ලිපි පෙළ ලියමු.

No comments:
Post a Comment